මෛත්‍රීට දිනන්න බෑ.. ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ නෑ.. පොහොට්ටුවෙන් කෙනෙක් දානවා..- මහින්ද කියලා..
January 19, 2019 at 10:00 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවත වතාවක් ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සහයෝගය දක්වනනේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් හා පැවසුවේ යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සමග පවසා තිබේ.
පෙරදා පස්වරුවේ පැවති විවාහ මංගල උත්සවයකදී මුණ ගැසුනු මහින්ද රාජපක්ෂ මහතා මේ බව තමන් හා පැවසුවේ යයිද අගමැතිවරයා සදහන් කර ඇත.
අගමැතිවරයා මේ බව සදහන් කර ඇත්තේ රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස නම් කිරීමේ උත්සවය පැවති අවස්ථාවේදී සෞඛ්‍ය ඇමතිවරයා සමග පැවති සාකච්චාවකදීය.
ජනාධිපතිවරණයේදී සහාය නොදෙන බව අවස්ථා 03 කදී දන්වා ඇති බවත් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ පොහොට්ටුවෙන් බවත් හිටපු ජනපති පැවසූ බවත් වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත.
මීලග ජනාධිපතිවරණයෙන් මෛත්‍රීට දිනන්න බැරි බවද රාජපක්ෂ මහතා පැවසූ බව අගමැතිවරයා මෙහිදී වැඩි දුරටත් සෞඛ්‍ය ඇමති සමගින් පවසා තිබේ.
ape rate ugathun kisiwek matireeta denne netha dennath epa. rata winasa kala duwage,beenage puthge puthage pemwathiyage nedeyange banku ginum wathkam balanna wenawa
Mewata thamai kiyannr ,kelam prawuththi kiyala. Lidalanga sangame news wage