මෛත‍්‍රීපාල සිරිසේන යුග පුරුෂයාට එක්සත් ජාතික පක්‍ෂය සදා ණය ගැතියි..- සජිත් පේ‍්‍රමදාස

October 10, 2018 at 10:40 am | lanka C news
මෛත‍්‍රීපාල සිරිසේන යුග පුරුෂයාට එක්සත් ජාතික පක්‍ෂය සදා ණය ගැතියි..- සජිත් පේ‍්‍රමදාස

එක්සත් ජාතික පාක්ෂිකයන් සහ මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන නම් යුග පුරුෂයාට සදා ණයගැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රජාතන්ත්‍ර වාදය රජ කරවූ බවත් සාධාරණ සමාජයක් උදෙසා නායකත්වය දුන් බවත් ඇමැතිවරයා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා එදා කළ කැප කිරීම ප්‍රශංසනීය බවත් සදා අමරණීය බවත් ඇමතිවරයා තවදුරටත් කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වැඩසටහනක උත්සව සභාවක් අමතමිනි.

"එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන යුග පුරුෂයාට සදා ණය ගැතියි" – ඇමති සජිත්

Gepostet von President Maithripala Sirisena: We are with You am Dienstag, 9. Oktober 2018

118 views
Main News