මෛත‍්‍රී අග‍්‍රඵලය ලබන්න ආසන්නයි.. අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කෙරේ..

September 22, 2020 at 12:01 am | lanka C news
මෛත‍්‍රී අග‍්‍රඵලය ලබන්න ආසන්නයි.. අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කෙරේ..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මහතා අධිකරණයට අපහාස කිරීමක් සේ සලකා ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී නීතිඥවරයෙක් ඉල්ලා සිටියේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් කොමිසමේ දී කළ ප්‍රකාශයක් ගැන හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ නීතිඥයා විසින් මෙම ප්‍රශ්නය මතු කර ඇත.

මෙවන් මාධ්‍ය නිවේදන හරහා කිසිවකුට හෝ අගතියක් සිදුවන්නේ නම් නීතිඥයෙකු මාර්ගයෙන් කොමිසම හමුවේ පෙනී සිට හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදී ඇති බවත් එය නොතකා මෙවැනි නිවේදන නිකුත් කිරීමෙන් කොමිසමේ අධිකාරී බලයට හා ගෞරවයට හානි සිදුකර ඇතැයි ද එම නීතිඥයා කියා සිටියේය.

මෙම කොමිසම ද සිදු කරන්නේ අධිකරණමය කටයුත්තක් නිසා එම කටයුතු බාහිර පුද්ගලයකු විවේචනය කර ඇති නිසා එය අධිකරණයට අපහාස කිරීමක් සේ සලකන ලෙස ද නීතිඥවරයා ඉල්ලා සිටියේය.

එහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ තමන් මෙම මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා පිළිතුරක් ලබාදෙන බවත්ය.

47,814 views

4 Comments to “මෛත‍්‍රී අග‍්‍රඵලය ලබන්න ආසන්නයි.. අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කෙරේ..”

  1. සුනිමල් says:

    සිරා ට අත තිබ්බොත් 20ට සොරි තමයි…..!!!

    ලොකු ටෝක් දෙන කාටත් දේශපාලන හෝඩිය ඉගෙන ගන්න හොඳ අවස්තාවක්.

  2. පොඩි එකා says:

    අරහේ සාක්කි දෙන කොට මෙහෙ කුලප්පු වෙනවා… මෙයාගේ සාක්කිය ඉතින් මං දැනන් හිටියේ නෑ කියන එකනේ…

  3. B. Anthony says:

    අපහාස කරණු ලබන්නාට එම අපහාසයට පිළිතුරු දීමේ අයිතිය තිබෙන බවත් ඒ අයිතිය හිටපු ජනපතිටත් ඇති බවත් මේ පෙරකදෝරුවා දන්නෙ නැත්ද?

    • 1234 says:

      “එහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ තමන් මෙම මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා පිළිතුරක් ලබාදෙන බවත්ය.”

Main News