මෛත්‍රී ආවේම විධායකය අහෝසි කරන්නයි.. දැන් බෑ කියනවා..
September 30, 2017 at 10:00 am | lanka C news
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග වැදුනේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පොරොන්දු දී වුවත් අද වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම විරෝදය පල කර ඇති බව ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
ඇමති කිරිඇල්ල මේ අදහස් පල කර ඇත්තේ අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් සමග පැවති හමුවක් අතරතුරදීය.
නව ව්‍යවස්තාවක් සදහා වූ මෙහෙයුම් කමිටු වාර්තාව ඉතා හොද වාර්තාවක් යයි බොහෝ දෙනා කියන බවත් තමන් මෙම වාර්තාව මහ නාහිමිවරුන්දට දී කරුණු පැහැදිලි කල බවත් ඇමතිවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේය.