මෛත‍්‍රී ගස්.. පාස්කු කොමිසමේ නිර්දේශ මෙන්න…

February 23, 2021 at 10:02 pm | lanka C news
මෛත‍්‍රී ගස්.. පාස්කු කොමිසමේ නිර්දේශ මෙන්න…

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණුවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරිම සම්බන්ධයෙන් සලකා බැලීමට ඒ පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභාව නිර්දේශ කර තිබේ.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම වසරේ සැප්තැම්බර් මස 21 වනදා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබීය.

කොමිසමේ අවසන් වාර්තාවෙන් පුද්ගලයින් පිරිසකට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම පිළිබඳ නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට නිර්දේශකර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකාබැලිය යුතු බවට කොමිසම නිර්දේශ කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් මස 16 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවේ දී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබා නොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු සිදුකිරීම තුළින් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස් තර්ජනයට මඟපෑදූ බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවත් කොමිසම නිර්දේශ කර තිබේ.

හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සිය රාජකාරී ඉටු කිරීමේ දී ධනාත්මක හා ඵලදායී පියවර ගැනීමට අපොහොසත් වී ඇති අතර පූජිත් ජයසුන්දර මහතා, සහරාන්ගේ පසුබිම, වර්ධනය හා හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හා රටේ පොලිස්පතිවරයා ලෙස තීරණාත්මක පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව කොමිසම පෙන්වාදී ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කරඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම සිදුවීමේ දී හුදෙක් පණිවුඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද කොමිසම නිර්දේශකර ඇත.

මේ අතර බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ සිදුකළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බවද වාර්තා වේ.

එමෙන්ම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකාබැලීම සඳහා උන්වහන්සේ විසින් 2013 හා 2014 වසරවල මහරගම හා අළුත්ගම යන ප්‍රදේශවල සිදුකළ කතා නීතිපතිවරයා විසින් සලකාබැලිය යුතු බව කොමිසන් සභාවේ තවත් නිර්දේශයකි.

වහබ්වාදය හා වහබ්වාදී විද්වතුන් විසින් සිදුකරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතු බවත් සියලුම තවුහිද් සංවිධාන, වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවා ද තහනම් කළයුතු බවත් කොමිසමේ නිර්දේශ අතරට ඇතුළත් වන බව වාර්තා වේ.

කොමිසන් සභා වාර්තාව අද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදුන් අතර එය මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයට ලබා දී ඇති බව වාර්තා වේ.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ බොදුබල සේනා සංවිධානය තහනම් කළයුතු බවට සඳහන්වීම සම්බන්ධයෙන් එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (23) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළේය.

එහිදී “අපි ද මේ රට පාලනය කළේ. හෙළිදරව් කිරීම වරදක් නම් ඕන විදිහකින් මුහුණ දෙන්නම්. ” යනුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසීය.

– adaderana

136,629 views

22 Comments to “මෛත‍්‍රී ගස්.. පාස්කු කොමිසමේ නිර්දේශ මෙන්න…”

  1. Dalit says:

    පාස්කු කොමිසම පත්කලේ බෝම්බ ගැන හොයන්න. අපේරටත් ඉන්දියාවත් රහස් තොරතුරු බෙදාගන්න ගිවිසුමක් හරි අවබෝදයක් හරි තියෙන්න ඇතිනෙ. එතකොට ඔයවගේ තොරතුරු එදිනෙදා හුවමාරු කරගන්න ඕනිනෙ. නැතුව ඔන්න හෙට වැඩක් දෙනවා කිව්වම කියන්නෙ වැඩේ දෙන්නෙ කියන එකාමයි කියල. ඉතින් කොමිසම කිසිම කෙනෙක් ඉන්දියාවෙන් ගෙනාවද ගෙන්න ගන්න උත්සාහ කලාද? ඉන්දියන් කාරයො අපිට හිනාවෙනව. අපි එකිනෙකා කෙලගන්නව.

  2. GAMINI SENANAYAKE says:

    තියන ආරංචිවල හැටියට මේ වගේ සංවිධානයක් ඇතිවීම, ඒකට උදව් කිරීම සම්බන්ධව කරුණු වාර්තාවෙන් හෙළිදරව් වෙලා නැතත්, ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකළ පිරිස් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වෙලා තියෙනවා. කොමිසමේ නිර්දේශ අනුව හිටපු, ඉන්න එවුන්, ටික අල්ල ගත්තොත් අනිත් කාරණා මූලික විමර්ශනවලදී, උසාවියේ දී හෙළිදරව් වෙන්ඩ බොහෝ දුරට ඉඩ තියෙනවා. පුළුවන් නම් මේ නිද්දේස ටිකවත් හරියට ක්‍රියාත්මක කරලා පෙන්නන්න. මගේ පෞද්ගලික මතය, දියාරු වෙන නඩු ටිකක් දමයි.

  3. david milibanda says:

    PCol report was formulated by a five bench panel appointed by former President, Maithreepala Sirisena in September 2019.
    Do not point the finger at Pohottuwa.
    Now the report goes to the Attorney General for necessary action of bringing in Charges and ordering further Investigations.
    Lets see what happens thereafter…………….

  4. lakshitha says:

    මුට මඩුවල්ගයෙන් හොඳටම තලා එල්ලා මැරුවත් මදි රටේම ආරක්ෂක ඇමති සහ ජනාධිපති වෙලා ඉඳගෙනත් රටේ බෝම්බ පත්තුවෙන්න ඉඩ හැරලා සිංගප්පුරුවේ හැංගිලා හිටිය එකට.

    • asoka says:

      පිස්සෙක් පත්වුනාම ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ

  5. kim says:

    anee ape sira malita una deyak, geewvitantha yadakwa bimmole haal kota janatawata sapyanna niyoga kalautuya,

  6. sanath says:

    වගකීම පැහැර ඇරිය උන්ට විතරක් ගස් යන්න කියලා ප්‍රහාරය කල උන්,ඊට බඩු දුන්න උන් කඩු ගෙන්නපු උන් ඒවා සාධාරණය කල උන්ව කෙලින්ම එල්ලන්න ඕනෙ.

  7. PULATHISI says:

    කළකම් පලදේ. කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ.

  8. senaka says:

    දැන් කවුරුත් දන්නවා පාස්කු බෝම්බය කරේ කවුද කියලා. බලයට එන්න තියෙන කෑදර කමට අහිංසක මිනිස්සු බිලිදුන්නා. අපරාදේ සහරාන් මරුනේ. අද හිටියානම් මිනිහා කැබිනට් ඇමෙති කෙනෙක්. ගැනී සයින්දුමරුදු නගරාධිපතිනිය. කෝ මේ ජොනි නි නි ,,, එන්න බිරියානි ටිකක් කන්න

Leave a Comment

Main News