මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය හෙලිකල නාමල් කුමාරගේ ජීවිතය අනතුරේ.. පණ බේරාගන්න නිවස අතහැර කැලේ පැන සැගවේ..

September 20, 2018 at 10:00 am | lanka C news
මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය හෙලිකල නාමල් කුමාරගේ ජීවිතය අනතුරේ.. පණ බේරාගන්න නිවස අතහැර කැලේ පැන සැගවේ..

තමනට පොලීසිය විසින් ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන නිසා පදිංචිය වෙනස් කර සැඟව සිටීමට තීරණය කළ බව දූෂණ විරෝධී බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට චෝදනා කරමින් මාධ්‍ය හමුව පැවැත්වූයේ මොහු විසිනි.

තමනට වරකාපොල පොලිස් ස්ථානයෙන් ලබාදී ඇත්තේ ජංගම මුර සංචාරක සේවයක් පමණක් බවද සඳහන් කරන ඔහු එය ක්‍රියාත්මක වන්නේ පැය හයකට වරක් පමණක් බවද සඳහන් කරයි.

ඔවුන් පැමිණ පැය හයකට වරක් නිවසේ එල්ලා ඇති පොතක සටහනක යොදා යන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම වරකාපොල පොලිසිය පිහිටා ඇත්තේ තම නිවසේ සිට කිලෝමීටර් 10ක දුරින් බවත් යමක් සිදු වූවොත් පොලිසියට නිවසට ඒමට අඩුම තරමින් පැය බාගයක් ගතවන බවද ඔහු කියා සිටියේය.

රජය තමනට ලබා දෙන්නේ මෙවන් ආරක්ෂාවක් නම් තම ජීවිතය අනතුරේ ඇති නිසා පදිංචිය වෙනස්කර සැඟවී සිටීමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි පරීක්ෂණ සඳහා තමන්ගේ සම්බන්ධීකරණය තම බිරිඳ හරහා සිදුවන බවත් බිරිඳට තම ජංගම දුරකථනය භාර දෙන බවටත් ඔහු වැඩි දුරටත් පැවසීය.

49 views

4 Comments to “මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය හෙලිකල නාමල් කුමාරගේ ජීවිතය අනතුරේ.. පණ බේරාගන්න නිවස අතහැර කැලේ පැන සැගවේ..”

  1. Gamarala says:

    Better love next time bebe. Will see the truth very soon after cid went through
    The bottom.wht is this dushana wirodi
    Gang?.acording to doctor rajitha, all in same boat. Hahhaaa.

    • marusira says:

      දැං ඔයාට පේන්නේ මෙයා පොලිස් ඔත්තුකාරයෙක් නිසා මෙ කියනදේවල් විස්වාසකරන්න එපාකියලද බෙිගල් රාජිත කියන විදියට පොලිස්සියට ඔත්තු සපයන්නේ විස්වාසකරන්න බැරි මිනිසුන් කියලාද ?

  2. අපේ රටේ කාලෙන් කාලෙට මෙහෙම චරිත ඇවිත් මතුවෙලා හෙමීට සද්ද වහලා පාඩුවෙ ඉන්නවා.බොහෝ අය කරන්නෙ මුදලට කොන්ත්‍රාත්. හැබැයි ලොකුවට බෙරිහන්දුන්නට කව්රුත් වැඩිය ගනන් ගත්තෙ නෑ. ඇත්ත දන්න නිසා මෛත්‍රී ගනන් ගත්තෙම නෑ. ගෝඨාත් මේ ගැන වැඩිමනත් තැකීමක් නෑ වගේ.

  3. Gotaimbara says:

    Remember there was a time that Rajitha knew everything about Digana Sinhala Muslim riots. He said the government has even identified the vehicles used in the operation. If Rajitha knows all these, that means he is the one who gave orders.

Main News