මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය.. තොරතුරු රැසක් මා සතුයි.. හෙලි කරන්න සූදානම්..- පොලිස්පති

October 2, 2018 at 9:20 am | lanka C news
මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය.. තොරතුරු රැසක් මා සතුයි.. හෙලි කරන්න සූදානම්..- පොලිස්පති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානමින් සිටින බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් සතුව ද තොරතුරු රැසක් තිබෙන බවත් පරීක්ෂණ සඳහා එ්වාද ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් පොලිස්පතිවරයා අද ලංකාදීප පුවත්පත සමග සඳහන් කර ඇත.

මේ ගැන ප්‍රකාශයක් ලබාදීම පොලිස්පතිවරයා ලෙස තමාගේ යුතුකම ද බව පවසා ඇති පොලිස්පතිවරයා රහස් පොලිසිය විසින් ඉදිරියේදී තමන්ගෙන් ප්‍රකාශයඛ් ලබාගනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවද සඳහන් කරයි.

රහස් පොලිසිය ඉතාමත් සාර්ථකව සිය පරීක්ෂණ කරගෙන යන බවත් මෙහි සුල මුල වැඩිකල් නොගොස් හෙළිවනු ඇති බව පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

114 views
Main News