ජනපති ඝාතන කුමන්ත‍්‍රණය යට ගහන්න ප‍්‍රබලයෙකුගේ දැඩි බලපෑම්.. කටහඬ සනාත වී තිබියදීත් තවත් පරීක්‍ෂාවට රට යවයි..

October 15, 2018 at 10:00 am | lanka C news
ජනපති ඝාතන කුමන්ත‍්‍රණය යට ගහන්න ප‍්‍රබලයෙකුගේ දැඩි බලපෑම්.. කටහඬ සනාත වී තිබියදීත් තවත් පරීක්‍ෂාවට රට යවයි..

ජනාධීපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි චෝදනා එල්ල වන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හා දුෂණ විරෝදී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර යන දෙදෙනාගේ දුරකතන සංවාද වැඩිදුර පරීක්‍ෂණ සදහා විදෙස් රටකට යැවීමට තීරණය වී ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගෙන ඇතත් යවන්නේ කුමන රටකටදැයි මෙතෙක් තීරණය කර නැත.

කෙසේ වෙතත් මෙම දුරකතන සංවාදවල කටහඬ ඔවුනගේම ඒවා යයි රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තාවක් මගින් තහවුරු කර තිබේ.

මේ අතර වාර්තා වන්නේ මෙම පරීක්‍ෂණ යට ගැසීම සදහා ආණ්ඩුවේ ඉහල බලවතෙක් දැඩි මැදිහත්වීමක් සිදු කරමින් සිටින බවයි.

මෙම පුද්ගලයා පරික්‍ෂණ ප‍්‍රමාද කිරීම සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් ඇතැයිද සදහන්ය.

මෙම දුරකතන සංවාද තව දුරටත් හෙලිවුවහොත් නොසිතූ ප‍්‍රබලයන්ගේ නම් ගම් හෙලිවනු ඇතැයි හෙලිදරවුව කල නාමල් කුමාර මහතා සදහන් කර ඇත.

95 views
Main News