මෛත‍්‍රී ජනපති කලාට රනිල් අගමැති කලාට අපට සාප වේවා.. යහපාලන කැන්දු මහචාරියා මහ සභාවක් අමතමින් තමන්ට හෙණගෙඩි ඉල්ලයි..

May 30, 2019 at 10:00 am | lanka C news
මෛත‍්‍රී ජනපති කලාට රනිල් අගමැති කලාට අපට සාප වේවා.. යහපාලන කැන්දු මහචාරියා මහ සභාවක් අමතමින් තමන්ට හෙණගෙඩි ඉල්ලයි..

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට දායක වීමේ වරදටත් රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා පැවසීය.

ඔහු මේ බව පැවසූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති මාදුළුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

‘මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට අපට හේතු ලෙස චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අපට පෙන්වා දුන්නේ ඔහු දූෂිතයෙක් නොවීමත්, ජාතිවාදියෙක් නොවීමත්, අත්දැකීම් ඇති අවංක පුද්ගලයෙක් වීමත් යන කරුණුය. එහෙත් ඒ සියල්ල සාවද්‍ය බව අද රටම දන්නවා‘

ගුවන් යානා පුරෝගෙන මහජන මුදල් නාස්ති කරමින් රටසවාරි යන බවට අප මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා කළා. එහෙත් අද වනවිට මෛත‍්‍රීපාල සිරිසේන මහතා හැම වැඩකින්ම මහින්ද රාජපක්ෂව පරදවා ඇති බව ඔප්පුකර හමාරයි.

මහින්ද රාජපක්ෂ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ නිසා ව්‍යවස්ථා සභාවක අවශ්‍යතාවය මතුවුණා. සිරිසේන මහතා තමන්ට අවශ්‍ය ලෙස විනිසුරුවන් පත්කරගැනීමට නොහැකි වූ නිසා ව්‍යවස්ථා සභාව අවජාතක දරුවෙක් ලෙස ගර්භාවට ලක් කළා.

මේ සෑම දේකින්ම පෙන්නුම් කළේ විධායක බලයෙන් මිනිහෙකු උමතු කරන අන්දම නොවේද? ජනතාව එක් පුද්ගලයෙකු ගැන විශ්වාසය තබා බලයට ගෙනාවත් ඔහු බලයට පත්වු පසු කල්පනා කරන්නේ තමන්ගේ දරුවන්ට හා පරම්පරාවට ධනවත් වීමට මාර්ග සකස් කිරීමයි. දරුවන්ට ප‍්‍රභූ ආරක්ෂාව සැපයීම කෙබඳු විහිලුවක්ද? පියා ජනාධිපති වීමෙන් දරුවන් අසාමාන්‍ය ධනවතුන් බවට පත්විය හැකිද? මෙයට අප තිත තැබිය යුතුයි.

“සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමට දායක වීම අප කළ වරදක් නම් ඒ වෙනුවෙන් අපට සාප වේවා. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා.“ යයිද මහාචාර්ය සරත් විජේසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

– lankadeepa

162 views

55 Comments to “මෛත‍්‍රී ජනපති කලාට රනිල් අගමැති කලාට අපට සාප වේවා.. යහපාලන කැන්දු මහචාරියා මහ සභාවක් අමතමින් තමන්ට හෙණගෙඩි ඉල්ලයි..”

  1. Kings says:

    උඩ තියන කොමෙන්‍ටු ටික කියවල බලාන් ආචාරියො උඹට සාප කරන විදිය. උඹ ගැන මමනං දැන ගත්තෙ උඹගෙ පොත කියවපු දවසෙ. ඒක කියවපුවම ඕනකෙනෙකුට තේරෙනව උඹ මහ කුහකයෙක්, බල්ලෙක් කියල.

  2. cw says:

    I think the existing hell is too good for you all for destroying our nation, and our beautiful country. See where Sobhitha lokka is. Please go there ASAP never to be returned. May you all rot in there. That is my only wish. Honestly, I hate see your face even.

  3. Nim says:

    ” ANAA BOORU GON HARAKO
    UMBA HORA DEGREE AKA
    GATHE MOLEN NEME NEEDA ? ”
    BALLO THAWATH JANATHAWA RAWA
    TANNA APA YAKOO .

  4. THILAK says:

    MANGE MOLE DE FREEZER KARANNA ONA

Main News