මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක විය යුතුයි.. අපේක්‍ෂකයෙක් නැතිව ශ‍්‍රීලනිප අපට ඉදිරි ගමනක් නෑ..

July 8, 2019 at 6:48 pm | lanka C news
මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක විය යුතුයි.. අපේක්‍ෂකයෙක් නැතිව ශ‍්‍රීලනිප අපට ඉදිරි ගමනක් නෑ..

මීළඟ ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයකු නැති වුවහොත් පක්‍ෂයක් ලෙස ඉදිරියට ගමනක් නැති බව ද ඔහු පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදහස් කර සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාට තරඟ වැදීමට නොහැකි නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා වන පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට බවත් ඊට ඔවුන්ට අයිතියක් නැති බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් පක්ෂ දෙක සාකච්ඡා කර අවසානයේ එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කීවේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

44 views

20 Comments to “මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක විය යුතුයි.. අපේක්‍ෂකයෙක් නැතිව ශ‍්‍රීලනිප අපට ඉදිරි ගමනක් නෑ..”

  1. Loku Ayya says:

    තොපිට අපේක්ෂකයෙක් හිටිය කියලත් ඉදිරි ගමනක් නැහැ. දැන් SLFP එක කියන්නෙ කුණු කූඩෙට වැටුණු පක්ෂයක්.
    අර චන්දිකා පරට්ටි ආතුලු උඹල ඔක්කොම ඒකට වග කිව යුතුයි.

  2. gamini says:

    Thilanga check Your Brain this Donky cant market we dont vote

  3. Vesamuni says:

    gnanasara hamuduruwo nuwara rallyedi moota lokuthaenak dunna. maha modakamak. thaman sarthakawa karagena yana sinhala bauddha pibiduma desapalanayen thorawa karanta thibuna ne. desapalanayen thorawa karanawa kiya kiya mewage sudu anthuwek mokata warnana kalada?

  4. Pal says:

    Mr. Sumathipala ,

    We are not worried about your party.
    We need the country first…

    If you gang the opportunistic fellows need to understand, your destiny if you don’t take correct actions..

    We had enough of Sorysena dramas..

    Please put an end to it ..

    You lost the election , but taken in from the back door and may be wanting to repay…

  5. Hirantha says:

    SLFP Should realise their present capacity and talk,

  6. SL says:

    සිරිසේන ජනාධිපති කමට නුසුදුසුයි. අපිට ඕනේ හැකියාව, දැක්මක්, නායකත්වයක් ,තීරණ ගැනීමට පසුබට නොවන නායකයෙක්. දැනට පෙනෙන්න ඉන්නේ කිහිප දෙනා අතර සිරිසේන, රනිල් , සජිත් විශේෂයෙන් වෙල්ගම ආදීන් නැත.

  7. SL says:

    අපිට ඕනේ හැකියාව, දැක්මක්, නායකත්වයක් ,තීරණ ගැනීමට පසුබට නොවන නායකයෙක් ,ගත් තීරණ ක්‍රියාත්මක කිරීමට . දැනට පෙනෙන්න ඉන්නේ කිහිප දෙනා අතර සිරිසේන, රනිල් , සජිත් විශේෂයෙන් වෙල්ගම ආදීන් නැත.විශේෂයෙන් සිංහල චන්ද කැඩීමේ රනිල්ගේ උපක්‍රමය පරාද කලයුතුමය. SLFP ,පො.ඒ.පෙ තනි තනියෙන් රජවෙන්න ගියොත් ඊළඟ සැරේ රට කරන්නේ හකීම් ල, බදියුදීන් ,සුමන්තිරන් ල

  8. NAK says:

    A wandering lost soul !!!

Main News