මෛත‍්‍රී ජනාධිපති කලේ අපයි.. බඩුමිල අහස උසට.. ගමට වැඩක් වෙලා නෑ.. ඉදිරි මැතිවරණ අනිවාර්යෙන්ම පරදිනවා.. මාතලේ එජාප අලුවිහාරේලාටත් ආණ්ඩුව එපාවේ..

April 4, 2017 at 2:10 pm | lanka C news
මෛත‍්‍රී ජනාධිපති කලේ අපයි.. බඩුමිල අහස උසට.. ගමට වැඩක් වෙලා නෑ.. ඉදිරි මැතිවරණ අනිවාර්යෙන්ම පරදිනවා.. මාතලේ එජාප අලුවිහාරේලාටත් ආණ්ඩුව එපාවේ..

වත්මන් ආණ්ඩුව යටතේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට කිසුදු වැඩක් වි නොමැතිවීම, මාතලේට කැබිනට් අමාත්‍ය ධූරයක් නොලැබීම සහ බඩු මිල ඉහළ යෑම කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර මැයි 1 වෙනිදා පැවත්වෙන එජාපයේ මැයි දින රැලියට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි මාතලේ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසීය.

ඉදිරියේදී ඡන්දයක් තිබ්බොත් එක්සත් ජාතික පාක්ෂිකයින් පක්ෂයට ඡන්දය දෙන්නේ නැහ. එජාපය පරදිනවා, මේ ආණ්ඩුව ගමට සේවයක් කර නැහ යයි මාතලේ දිස්ත්‍රික් පාලත් පාලන ආයතන නියෝජිතයින් සහ ශාඛා සමිති නියෝජිතයින් පිරිසක් සහභාගි වූ මාතලේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා ප්‍රකාශ කල අතර මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එජප රංජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් අලුවිහාරේ පිහිටි එජාපයේ දිස්ත්‍රික් කාර්යාලය දී මෙම රැස්වීම පැවත්වුනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුනේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දයෙන්, ඉදිරියේදී ඡන්දයක් තිබ්බොත් එක්සත් ජාතික පාක්ෂිකයින් ඡන්දය දෙන්නේ නැහ, පලාත් පාලන ආයතන සහ පලාත් සභා අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂය පරදිනවා, අපිට රැස්වීම් වලට මැයි රැලි වලට යන්න පමණක් කැදවනවා, කියමින් පැමිණ සිටි පක්ෂ ක්‍රියාකාරින් කලබල කල අතර නොසන්සුන්තාවය නිසා අතරමගදී රැස්වීම නතර කොට කොළබින් ගිය අමාත්‍යවරුන් පිටව ගියේය.

52 views

16 Comments to “මෛත‍්‍රී ජනාධිපති කලේ අපයි.. බඩුමිල අහස උසට.. ගමට වැඩක් වෙලා නෑ.. ඉදිරි මැතිවරණ අනිවාර්යෙන්ම පරදිනවා.. මාතලේ එජාප අලුවිහාරේලාටත් ආණ්ඩුව එපාවේ..”

  1. sachith says:

    okai aththa ………………………………………….

    • සිරිකොත ජයදේවා says:

      කරුණාකරලා මේ ටිකත් බලන්න අපි එක්සත් ජාතික පාක්ෂිකයින් කොච්චර කැපවීමක් කලාද එදා මහින්ද රාජපක්ෂත් බුලත් කොලයත් පරද්දවන්න, https://www.youtube.com/watch?v=Aay3OxNGGPg

      • leel says:

        දැන් පස්ස පැත්තෙ මකුනුදැල් බැදල වෙන්න ඇති නෙ ? එදා වේල් 3 න කැවට අද කන්නත් නැ නෙ ?….2015 ජනවාරි 8 වෙනිද බොරුවට රැවටිල කාල බීල නිදහසෙ ලස්සනට ඉන්න තිබුන රට නැතිකරගත් යු. න්. පි හා ජෙ.වි.පි. හරක්ට හොද පාඩම….

      • clem says:

        You worked for the UNP because you wanted something for yourself or for your family. Not because of UNP Policies. Not because of the country. You thought, to hell with the country and other people, I want money, jobs, contracts, for myself. You SUPPORTED UNP FOR YOUR SELFISH NEEDS.
        Now you are crying. SERVES YOU RIGHT !!!
        People like you are the enemies of the public. We suffer because of selfish bastards like you. This country will never get honest politicians because of you.

  2. Asitha says:

    This is the ultimate truth…

  3. BARCARDI says:

    MR told in his campaign in 2015 if this couple win it is ” Colambatath Kekiri Gamatath Kekiri” situation.
    Now it is true.

  4. asaranaya says:

    මාතලෙන් විතරක් නොවෙයි හලෝ මුලු ලන්කාවෙන්ම පරදිනවා. තේරෙන්නේ නැද්ද ඒකනේ පළාත්පාලන චන්දේ තියන්නෙ නැත්තේ. පඹයගේ පතුරුත් පින්ගුත්තරයගෙ පතුරුත් ගැලවී යනවා ශුවර් එකටම, ‘ජීසා’ අයියත් කිව්වා ඔය කතන්දරය

  5. HB Rathnayeke says:

    but some people makes billions on this government,

  6. බන්ඩය්යා says:

    නෑ නෑ ‘අපි යුඒම්පී’ චන්දෙ දෙන්නෙ අලියටය්. ඉක්මනට චන්දෙ තියල දිනල පෙන්නමු

  7. Vimarshana says:

    එක රටක ආර්ථිකය අනිකුත් රටවල් හා සැසදීමේදී ආර්ථික දර්ශක (Economic Indicators ) නම්වූ මිනුම් දණ්ඩක් භාවිතා වෙනවා. මෙම ආර්ථික දර්ශක , මහ බැංකුව, සන්ක්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, මෙන්ම fitch ,Standard & Poors වැනි ආයතන මගින් ප්‍රකාශයට පත් කරනවා, මෙම දත්තයන් අන්තාර්ජාලය මගින් ඉතාමත් ලෙහෙසියෙන් ඕනෑම පුද්ගලයෙකුට ලබාගැනීමේ අවස්තාව දැන් උදාවී තිබෙනවා.නමුත් අපේ චන්දදායකයන් තම චන්දය දිය යුත්තේ කාටදැයි තීරණය කිරීම සඳහා මෙම දත්තයන් සලකා බලන්නේ නෑ. ඔවුන් බොහෝ විට අවස්ථාවාදී දශපාලුවන් කියන බොරු වලට රැවටී හෝ, කුහකකම හා ඊර්ශ්‍යාව පෙරදැරි කරගෙන වැරදි පුද්ගලයන් බලයට පත් කිරීම, ප්‍රධාන පක්ෂ දෙකේම අධාරකරුවන්ගේ අපේක්ෂා භංගත්වයටත් කලකිරිමටත් හේතු වී ඇත. චන්දදායකයා රට ජාතිය ගැන සිතා බුද්ධිමත්ව තීන්දු තීරණ නොගතහොත් මේ රට සාදාකල් දුප්පත් රටක් ලෙස පවතිනු ඇත.

  8. gon thadiya says:

    pabayata kiyala wadak nana, thope aunmane rata kanna,

  9. Dushantha says:

    මේ යමපාලන ආන්ඩුව ශ්‍රී ලන්කා හූ ඈම් පී අච්චාරුවක්. එකෙකුටවත් කිසිම වෑඩක් කර ගන්ඩ බෑ. කරපු වෑඩකුත් නෑ. බඩුමිල වෑඩි හින්ද ගෙවල් වල කන්ඩත් නෑ. කෑපුවත් කොල හූ ඈම් පී කාරයො මාර කලකිරිලා ඉන්නෙ. උන් කවදාවත් වෙන පෑත්තකටනන් චන්ද දෙන්නෑ හෑබෑයි උන් චන්දෙ නොදී ගෙදෙට්ට වෙලා ඉඳියි.

  10. දුෂ්මන්ත says:

    රජයේ රැකියා ලබා දෙන්න කියලා ඇලික් අලුවිහාරේ (දැන් මියගොස්) පාගා ගත්ත බව මම පැහැදිලිව කියන්න කැමතියි.

Main News