මෛත‍්‍රී ජනාධිපති කලේ අපයි.. බඩුමිල අහස උසට.. ගමට වැඩක් වෙලා නෑ.. ඉදිරි මැතිවරණ අනිවාර්යෙන්ම පරදිනවා.. මාතලේ එජාප අලුවිහාරේලාටත් ආණ්ඩුව එපාවේ..

April 4, 2017 at 2:10 pm | lanka C news
මෛත‍්‍රී ජනාධිපති කලේ අපයි.. බඩුමිල අහස උසට.. ගමට වැඩක් වෙලා නෑ.. ඉදිරි මැතිවරණ අනිවාර්යෙන්ම පරදිනවා.. මාතලේ එජාප අලුවිහාරේලාටත් ආණ්ඩුව එපාවේ..

වත්මන් ආණ්ඩුව යටතේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට කිසුදු වැඩක් වි නොමැතිවීම, මාතලේට කැබිනට් අමාත්‍ය ධූරයක් නොලැබීම සහ බඩු මිල ඉහළ යෑම කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර මැයි 1 වෙනිදා පැවත්වෙන එජාපයේ මැයි දින රැලියට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි මාතලේ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසීය.

ඉදිරියේදී ඡන්දයක් තිබ්බොත් එක්සත් ජාතික පාක්ෂිකයින් පක්ෂයට ඡන්දය දෙන්නේ නැහ. එජාපය පරදිනවා, මේ ආණ්ඩුව ගමට සේවයක් කර නැහ යයි මාතලේ දිස්ත්‍රික් පාලත් පාලන ආයතන නියෝජිතයින් සහ ශාඛා සමිති නියෝජිතයින් පිරිසක් සහභාගි වූ මාතලේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා ප්‍රකාශ කල අතර මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එජප රංජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් අලුවිහාරේ පිහිටි එජාපයේ දිස්ත්‍රික් කාර්යාලය දී මෙම රැස්වීම පැවත්වුනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුනේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දයෙන්, ඉදිරියේදී ඡන්දයක් තිබ්බොත් එක්සත් ජාතික පාක්ෂිකයින් ඡන්දය දෙන්නේ නැහ, පලාත් පාලන ආයතන සහ පලාත් සභා අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂය පරදිනවා, අපිට රැස්වීම් වලට මැයි රැලි වලට යන්න පමණක් කැදවනවා, කියමින් පැමිණ සිටි පක්ෂ ක්‍රියාකාරින් කලබල කල අතර නොසන්සුන්තාවය නිසා අතරමගදී රැස්වීම නතර කොට කොළබින් ගිය අමාත්‍යවරුන් පිටව ගියේය.

56 views

16 Comments to “මෛත‍්‍රී ජනාධිපති කලේ අපයි.. බඩුමිල අහස උසට.. ගමට වැඩක් වෙලා නෑ.. ඉදිරි මැතිවරණ අනිවාර්යෙන්ම පරදිනවා.. මාතලේ එජාප අලුවිහාරේලාටත් ආණ්ඩුව එපාවේ..”

  1. love nature says:

    යමපාලනය

    ආඩි හත්දෙනාගේ කැඳ හැලිය වාගෙයි

    ආඩි හත්දෙනෙක් අම්බලමක දී එකතු වූහ.

    ඔවුහු රාත්‍රී ආහාරය සඳහා කැඳක් පිළියෙල කිරීමට තීරණය කළෝය. “හැම දෙනාම හාල් මිට මිට දාලා කැඳ හදමු..” එක් කෙනෙක් යෝජනා කළේය. ඊට සියල්ලෝම එකඟ වූහ. “අනිත් හයදෙනාගේ හාල් වලින් කැඳ හැදෙනවනෙ. මම එයින් ටිකක් බොනව,මගේ හාල්මිට ඉතිරි කර ගන්නව” හත්දෙනාම මෙසේ සිතා හාල්මිට මුට්ටියට දමන බව පෙන්වා ආපසු ගත්තෝය.
    අවසානයේදී හැ‍මදෙනාටම උණු වතුර බී නිදාගැනීමට සිදුවිය.

  2. sinha le says:

    මේ දෙමළ බෙදුම්වාදීන්ගේ සල්ලි වලින් බලයට ආව මේ ආණ්ඩුව ඒ බලවේග සතුටු කරන්න අද මොකද කරන්නේ මහා අපරාධ කරපු කොටි එළියට දාන ගමන් ජිවිත පුජා කර මේ රට බේරගන්න ගිය රණවිරුවන් තොගපිටින් සිරගත කරමින් ඉන්නවා.

  3. LION says:

    2020 වෙනකන් මේ ආණ්ඩුවට ජනවරමක් තියෙනවා කියලා අපි ඉවසලා බලා ගෙන හිටියොත් රටට හෙටක් තියා අපිට රටක්වත් ඉතුරු වෙන්නේ නෑ.

Main News