මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ තවත් අවුරුදු කල්ප ලක්‍ෂයකින්..

January 20, 2018 at 12:02 am | lanka C news
මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ තවත් අවුරුදු කල්ප ලක්‍ෂයකින්..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේම ප‍්‍රකාශය අනුව ඔහු තවත් වසර කල්ප ලක්‍ෂයක් මෙරට ජනාධිපති ධුරයේ සිටීමට බලාපොරොත්තු වන බව හැගෙන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.

ගිය ආන්ඩුවේ හා මේ ආණ්ඩුවේ සිටින සියළු හොරුන් අල්ලා හිරගෙදර දැමූ බසු ඔවුන් පොලව පලාගෙන අවීචි මහා නරකාදියට යන දිනිට පසු දා තමන් ජනාධිපති ධුරයෙන් සමුගන්නා බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ ඇල්පිටියේදීය.

බෞද්ධ සාහිත්‍ය අනුව අවීචි මහා නරකාදියට පොලොව පලාගෙන යාමට අඩුම තරමේ අවුරුදු කල්ප ලක්‍ෂයක් ගතවන බවත් එතරම් කාලයක් බලයේ සිටීමට ජනාධිපතිවරයාට වරමක් දී නැති බවත් 2019 නොවැම්බර් මාසය වෙද්දී ජනාධිපති ධුරය කල් ඉකුත් වන බවද මන්ත‍්‍රීවරයා කීය.

කොළඹදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

26 views

5 Comments to “මෛත‍්‍රී ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ තවත් අවුරුදු කල්ප ලක්‍ෂයකින්..”

  1. Sunil says:

    දවස් 100 විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරල ගෙදර යනවයි
    කියපු එක්කෙනා නේද මේ.

  2. Ne Ne oya okkotoma issara welaa aveechiyata yanne boru my three mai mai mai mythunayaamai

  3. Anura says:

    Aurudu kalpa laksaya iwara unahamath ain wela be. Ethakota aith horakan karanna patan ganiy

  4. Saman says:

    ජනාදිපති හොරු අල්ලනවනම් කෙතරම් හොදද? කරන්නේ නැති එකනේ ප්‍රශ්නේ. ඒකනේ මෙ හොරුම හොරකම් ගැන දොඩවන්නේ. හිරේ යන ප්‍රතිශතය
    පොදු ජන පෙරමුන 99%
    UNP 70%
    SLFP 60%

  5. love nature says:

    දැන ගැනිමට පමණයි හැමදෙයකම
    පසු පස ඇති එකම දෙය………….

    මරණය