මෛත‍්‍රී ජනාධිපති මන්දිරයෙන් ඉවත් වේ.. අවසන් වරට ජාතිය අමතන්න සූදානම්..

November 16, 2019 at 2:10 pm | lanka C news
මෛත‍්‍රී ජනාධිපති මන්දිරයෙන් ඉවත් වේ.. අවසන් වරට ජාතිය අමතන්න සූදානම්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටුව ජනාධිපති මන්දිරයෙන් ඉවත් වී ඇති බව එහි ආරංචි මාර්ග වාර්තා කරයි.

අද දිනයේ තේරී පත්වන නව ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දෙමින් ඒ මහතා මෙසේ ඉවත් වී තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන තෙක් ජනාධිපති ධුරයේ කටයුතු සිදුකරන අතර ඔහු අද පස්වරුවේ අවසන් වතාවට ජාතිය ඇමතීමට ද නියමිත.

ජනාධිපතිවරයා විසින් මේ වන විට භාවිත කරන පැජට් පාරේ ජනාධිපති නිල නිවස තම විශ්‍රාමික ජනාධිපති නිල නිවස ලෙස භාවිතා කිරීමටද ඔහු කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ.

152 views

10 Comments to “මෛත‍්‍රී ජනාධිපති මන්දිරයෙන් ඉවත් වේ.. අවසන් වරට ජාතිය අමතන්න සූදානම්..”

  1. sarath chandra says:

    please go home which bought from poor people money and think about the past

    • "එල්ලුම් ගහද ගෙදරට" says:

      මතක් වෙන්න ඔබතුමා කල සේවය අප රටට
      දෙන්නෙමි ගෙනියන්න එල්ලුම් ගහද ගෙදරට
      නිතර කියවූ පත්තර මිටි පසුගිය පස් වසරට
      දෙන්නෙ රටවැසි ඉතිහාසෙ විඳිදුක් මතකෙට

  2. sirisenage heluwa says:

    hena gahapiya

  3. Sam Fernando says:

    How many are interested in to listen ?
    One thing i can mention that you cannot never be another DB Wijethunge.

  4. charge & sentence this idiot for failure to avoid easter bombing along with batalande banku hora Ranil Ponil

  5. බන්ඩා says:

    අනර්ග නාධිපති නිල නිවසක් කොළඹ තිබියදී ජනතා මුදල් කෝටි ගනනක් වැය කර හදා ගත්ජ අතිරේක නිල නිවස තම විශ්‍රාමික නිල නිවස ලෙස භාවිතා කිරීමට කැබිනට් අනුමැතිය ලබාගැනීම කිසිම ජනාධිපතිවරයෙක් නොකල සදාචාරයට පටහැනි ක්‍රියාවකි.

  6. jagath says:

    Lankawe Pahala u asarthakama Janadipathi mohui………..

  7. සිරිමා මාදුගොඩ says:

    මොනවා උස්සන් ගිහින්ද දන්නේ නැහැ, ඉකමනට ඉන්වෙන්ට්‍රිය චෙක් කරලා බලන්න

  8. ඕක කිවිවේ පොලොන්නරුවෙ ඉදන් රට පාලනය කරනවා කියලා. බොරු කාරය, කොමිස් ගහන්නා, හොරාආආආ

  9. Kadiya says:

    බලාගෙන ගියාම මාර කූඩල්ලෙක්නේ මූ. කොටුවේ ජනාධිපති මන්දීරෙත්, තව ද්විත්ව නිල නිවාසයකුත් ඒ කියන්නේ නිල නිවාස 3 එකපාරම පාවිච්චිකරපු සරල ජනාධිපති කෙනෙක්. තවමත් රට උලාකන්න කරණ උත්සාහය නතරකරලා නැහැ.