මෛත‍්‍රී තනතුරක් නොඉල්ලයි.. දෙන දෙයක් බාරගන්නා බව කියයි..

August 23, 2020 at 12:40 pm | lanka C news
මෛත‍්‍රී තනතුරක් නොඉල්ලයි.. දෙන දෙයක් බාරගන්නා බව කියයි..

මෙරට ප්‍රධාන පුරවැසියා ලෙස කටයුතු කල තමන්ට දැන් ගැටලුවක් නැති බවත් දෙන තනතුරක් බාර ගන්නා බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටියේදී පැවැති සතිපතා පැවැත්වෙන ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුව අමතමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්ව අමාත්‍යවරයා කියා සිටියේ,

අපි කිව්ව ජනතාවට අපිට තුනෙන් දෙකේ බලයක් ලබා දෙන්නේ කියල. මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න. මේ රටේ ජනතාව අපිට තුනෙන් දෙකේ බලයක් ලබලා දුන්නා.  අපි මේක ඉල්ලුවේ ම මේ රටේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න අවස්ථාව ලබල දෙන්න කියලා.  ජනතාව ඒ වරම ලබල දුන්නා. ජනතාව අපිව විශ්වාස කළා. අපේම අපේ ජනාධිපතිතුමා විශ්වාස කරලා අපේ අගමැති තුමා විශ්වාස කරලා  චන්දෙ දුන්න. ඒ වරමත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා 19 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථාව වෙනස් කරල රටට ගැළපෙන ව්‍යවස්ථාවක් ගේන්න විවිධ සංශෝධන ඇති කරලා,  මේකෙ තියෙන හොඳ දේවල්  අරගෙන නරක දේවල් අයින් කරන්න.  මේ රටේ ජනතාව තුළ බලාපොරොත්තුවක් තියෙනවා මේ මැතිවරණ ක්‍රමයත් වෙනස් විය යුතුයි කියලා.

ඒක මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා  දහනව වැනි සංශෝධනය තියෙන අඩුපාඩු ටික හදන්න තමයි ජනතාව අපිට බලය දුන්නේ.  ජේ.ආර් ජයවර්ධන මහත්තයා කිව්වා හැත්තෑ අටේ ව්‍යවස්ථාව හදපු වෙලේ ආපහු කිසිම පක්ෂයකට තුනෙන් දෙකේ බලයක් ගන්න බැහැ කියලා.  අපිට තුනෙන් දෙකේ බලයක් මේ රටේ ජනතාව දුන්නෙ රාජපක්ෂවරු විශ්වාස කරලා. ඒ විශ්වාස කළ දීපු බලය අපි රටේ ජනතාවගේ යහපත සඳහා රටට අහිතකරන කිසිම පනතක් අපි ගේන්නේ නැහැ.

එක නීතියක් එක රටක් කිව්වම සමගි ජලය ජන බලවේගය කට්ටියට භූමිතෙල්  ගහපු ගැරඩිය වගේ දඟලන්න පටන් ගත්තා.  ඒකට හේතුව තමයි ඒගොල්ලො එක රටක් කියන එකටත් කැමති නැහැ.  එක නීතියක් එනවට කැමති නෑ. හේතුව ඒගොල්ලො පහුගිය කාලයේ  නීති දෙහෙක වැඩ කරපු අය. නීතිය එක නීතියක් කියපු ගමං මේ අය බය වෙනවා.  අපේ ජනාධිපතිතුමා මේ රටට ආදරේ කරන නායකයෙක් හැටියට නීතිගරුක පුරවැසියෙක් හැටියට නීතියට පිටින් කටයුතු කරන්න කිසිම අදහසක් අපේ ජනාධිපතිතුමා ළඟ නැහැ.

අපි බලාපොරොත්තු වෙනවා මේ දහනමවෙනි ව්‍යවස්ථාවේ නුසුදුසු දේවල් තියෙනවා  අන්න ඒ ටික අයින් කරන්න කටයුතු කරනවා .

යම් යම් කොමිෂන් සභා තියෙනවා ඒවා හරියාකාරව ක්‍රියාත්මක වෙන්න නැතිව ව තියෙනවා.  මේ මැතිවරණ ක්‍රමය අපිට ගැටළුවක් තියෙනවා  ජනාධිපති තුමන්ට තිබුණු පාර්ලිමේන්තුව අවුරුද්දකින් විසුරුවන්න තිබුණු බලය  ඒක ප්‍රජාතන්ත්‍රවාදී දෙයක්.  මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ තුළ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව යන ක්‍රමය හොඳ නැහැ කියලා හිතෙනවා නම් ඒ විසුරවන්න බලය ජනාධිපතිවරයා සතු විය යුතුයි . ප්‍රජාත්‍රන්තවාදී රටක පරමාධිපත්‍ය ජනතාව සතුයි.  ජනතාවට ඒ බලය දෙන්න ඕන තමන්ට කැමති පාර්ලිමේන්තුවත් යළිත් පත් කරගන්න.  අපිට පසුගිය කාලේ උසාවි යන්න වුනා මේ පාර්ලිමේන්තුව හොඳ නෑ කියලා ඒත් අපිට මේ ප්‍රශ්නෙ විසඳගන්න බැරි වුණා  මෙන්න මේ වගේ රටට අහිතකර දේවල් ඉවත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව  ඒ වගේම රටට ගැලපෙන ඒවා ඒකට ඇතුලත් කළ යුතුයි

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව තියෙන්නෙ කැබිනට් ඇමතිවරු තිහයි. රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමතිවරු හතළිහයි.  ඊට එහා ඒ කමිටුවට හැඟී යනවා නම්  රටට අහිතකර දායි නොවන තනතුරු ලබා දුන්නට ගැටලුවක් නැහැ.  හැබැයි ඒ තනතුරු රටට ගැලපෙන්න ඕන.  විධායක ජනාධිපති ධූරයක් හැදුවනේ ඒ වගේ අනිසි බලතල තියෙන දුර නෙවෙයි  සාමාන්‍ය තනතුරක් හදනවා නම් ඒක කාටවත් ප්‍රශ්නයක් නැත්තං  ඒක ගැටලුවක් නැහැ.  අපි ඉක්මනින් නව ව්‍යස්ථාව ගේනවා  එතකොට ඔබට බලන්න පුළුවන් කිසිසේත්ම මේ රටට ජනතාවට හානි වන තනතුරු මේ ව්‍යවස්ථාව තුළ ඇතුළත් කරන්නේ නැහැ.

දහනම වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන හොඳ දේවල් අයින් කරන්නෙත් නෑ ඒ වගේම ජනාධිපති තුමාගේ කාලයේ සම්බන්ධයෙන් තියෙන්නේ ඒ ක්‍රමවේදය අපි වෙනස් කරන්නෙත් නැහැ.

හිටපු ජනාධිපති තුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මාත් එක්කත් කතා කරල හිටිය. පාරලිමේන්තුවේ දී.  එතුමා එහෙම තනතුරු ඉල්ලන්නෑ එතුමා කියන්නේ මං මේ රටේ ප්‍රධාන පුරවැසි වෙලා හිටිය මට දැන් ගැටලුවක් නැහැ කියලා.  එතුමාට දුන්නොත් ඕන තනතුරක් භාර ගෙන කරනවා  කියල මට කිව්වා. යයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

38,125 views

12 Comments to “මෛත‍්‍රී තනතුරක් නොඉල්ලයි.. දෙන දෙයක් බාරගන්නා බව කියයි..”

  1. විරාජ් කොටාමුල්ල says:

    ජානක වක්කුඹුර දන්නෑ, මෛත්‍රීපාලගෙ ගේමි ගැන. ඌට ඔනැඋනේ පාර්ලිමේන්තුවට රිංගගන්න. තීරණාත්මක අවස්ථාවකදි ඌ නැවත රාජපක්ෂලාට එරෙහි වෙනවා සිකුරැයි.
    තාත්තා එක්ක තරහවෙලා තාත්තගෙ කුඹුරට ගිනි තියපු එකාට මොනවද කරන්න බැරි?
    රාජපක්ෂලාත් රොෂාන් රණසිංහ දාල ඡන්දෙදි මෛත්‍රීපාලට ගැහුව බව ඌ දන්නවා. 2015 ජනාධිපතිවරණයෙදි මෛත්‍රීපාලගෙ රැස්වීමට වෙඩි තියපු චොකාත් ගස් ගියානෙ.

Main News