මෛත‍්‍රී තනිව ඉල්ලූවත්, රනිල් සමග එක්ව ඉල්ලූවත් එන ඡන්දෙන් ශ‍්‍රීලනිපය පරාදයි..

December 13, 2016 at 12:00 pm | lanka C news
මෛත‍්‍රී තනිව ඉල්ලූවත්, රනිල් සමග එක්ව ඉල්ලූවත් එන ඡන්දෙන් ශ‍්‍රීලනිපය පරාදයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෛත‍්‍රීපාල සිරිසේන ජනාදිපතිවරයාගේ නායකත්වයෙන් තනිව තරග කලත්, රනිල් වික‍්‍රමසිංහ මහතා සමග එක්ව තරග කලත්, ඉදිරි කිසිදු මැතිවරණයක් ජයග‍්‍රහණය කල නොහැකි බවත්, ඉදිරියේ එන  ඕනෑම මැතිවරණයක් ජයග‍්‍රාහණය කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව බලවේගය බවත්, ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග‍්‍රාහණය කිරීමට මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පමණක් අවශ්‍ය බව පවසන්නේ ජනතාවගෙන් ප‍්‍රතික්ෂේපවූ නන්නත්තාර වීමෙන් පසු ජනාධිපතිවරයාගේ පිහිටෙන් පිං ඇමති¥ර ලබා ගත් පුද්ගලයන් බවයි.

ආණ්ඩුවේ ලැග සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන්ගේ ලැජ්ජා නහර කපා දමා ඇති බව ඔවුන්ගේ හැසිරීමෙන් හො`දින් වැටහෙන බව පෙන්වා දෙන ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා කොන්දක් ඇත්නම් ඔවුන් දැන්වත් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව අවධාරණය කරයි.

මිනුවන්ගොඩ, උඩුගම්පොල පිහිටි ඒකාබද්ධ විපක්‍ෂ කාර්යාලයේදී ඊයේ (12) පැවති ක‍්‍රියාකාරී හමුවකදී රණතුංග මහතා මේ බව සදහන් කලේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනාගතය සහ නව ජාතික බලවේගයේ ගමන් ම`ග මැයෙන් පැවති මෙම රැස්වීමට මිනුවන්ගොඩ මැතිවරණ බල ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාන්තා තරුණ සංවිධාන නියෝජිතයෝ එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

‘අද මේ රනිල් මෛත‍්‍රි ආණ්ඩුව කඩන් වැටිලා ඉවරයි. මේ තරම් කෙටිකාලයකින් මේ තරම් වේගයෙන් ජනතාව අතර අප‍්‍රසාධයට ලක් වෙච්ච ආණ්ඩුවක් අපේ රටේ ඉතිහාසයේ නෑ. මේ ප්‍රෝඩා කාරී වහ පාලන ආණ්ඩුව දැන් අපේ රටේ ජනතාවට වහ කදුරු වගේ තිත්තයි. බලාගෙන් ගිහාම මේ රනිල් මෛත‍්‍රි ආණ්ඩුවට ඡුන්දේ දීපු කෙනෙක් දැන් හොයාගන්න නෑ. අපේ ගම් වල මේ ආණ්ඩුවට ඡුන්දේ දීපු කෙනෙක් හොයන එක කඵ නික හොයනවටත් වඩා අමාරුයි. වර්තමාණ ආණ්ඩුවට අද දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දීලා. අපිට හොරු කියලා චෝදනා කරපු අය අද කම්භ හොරු බව රටම තේරුම් ගෙන ඉවරයි. ආණ්ඩුවේ උඩ ඉදලා පහලටම හොරකමයි වංචාවයි ¥ෂණයයි. ඉහවහ ගිහින්.මහින්දට බනින එක ඇරෙන්න මේ ආණ්ඩුව කලේ රටට බන කියමින් හොරකම් කරන එක. දඩ හා බදු වලින් ජනතාවගේ බඩට ගහපු එක.       කොටි පදේට නටමින් රට පාවාදීපු එක.

රටට සහජීවනය සම්මුතිවාදය ගැන බන දෙසුවට ආණ්ඩුව ඇතුලේ අද සහජීවණයක් සම්මුතිවාදයක් නෑ. සමහර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුම කියනවා ආණ්ඩුවේ ඉන්න එක හරියට අසූචි වලක ලැගලා ඉන්නවා වගේ කියලා. ආණ්ඩුවේ ඉන්න එ. ජා. ප. මන්ත‍්‍රිවරු කියනවා බැරිනම්ි යන්න කියලා. ජනතාව ඉදිරියේ මේ අය ගහ මරා ගනිමින් පාර්ලිමේන්තුව ඇතුලේදී ජනතාවට බදු ගහන්න. ජනතාවට දඩ ගහන්න එකතු වෙලා අත උස්සනවා. මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ගේ ලැජ්ජා නහර කපලා. විශේෂයෙන්ම ආණ්ඩුවේ ලැගලා ඉන්න ශ‍්‍රී. ල. නි. ප. ඇමතිවරුන්ගේ කොන්දක් තියනවානම් දැන් වත් මේ ආණ්ඩුවේ ඉන්න ශ‍්‍රී ලංකා ඇමතිවරු මේ ජනතා ද්‍රෝහී දේශද්‍රෝහී ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි.”

මහින්ද මහත්තයාගේ ලග වැටිලා හිටපු සමහර ඇමතිවරු අද මහින්ද මහත්තයාට බනිනවා. විවේචනය කරනවා. ඇයි ඒ වෙන මොනවටවත් නෙවෙයි. තමන්ට හම්බවුණු ඇමතිකම රැුකගන්න වරප‍්‍රසාද ටික රැකගන්න. දැන් ඒ සමහරු කියනවා මහින්ද මහත්තයාට ගමේ මිනිස්සු ආදරය කලාට ඊලග ඡණ්දය දිනන්න බැරිඵ. පහුගිය ජනාධිපතිවරණයයි මහ මැතිවරණයයි පරාදවුණු එක ගැන තමයි මේ අය කියන්නේ. පහුගිය ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් ආණ්ඩුව දිණුවේ ජනතාව රවටලා කුමන්ත‍්‍රණ වලින්. මහින්ද මහත්තයාව ජනාධිපති වරණයෙන් පරාජය කිරීමේ කුමන්ත‍්‍රණය ආරම්භ වුණේ වසර දෙකකට පමණ පෙර සිට බව යහපාලන ඇමතිවරුම ජනවාරි 08 වෙනිදයින් පස්සේ කිව්වා. ඒ වගේම පහුගිය මහ මැතිවරණයේදී අපේම පක්‍ෂයේ පභාපති වැඩ කලේ අපේ පක්‍ෂය දිනවන්න නෙවෙයි. ඇත්තටම මහින්ද මහත්තයා ජනාධිපතිවරණයේදී පරාජය වුණා නෙවෙයි. පරාජය කලා. සැලසුම් සහගතව පරාජය කලා. මහ මැතිවරණයේදීත් එහෙමයි. පරාජය වුණා නෙවෙයි. සැලසුම් සහගතව පරාජය කලා. ඔකයි ඇත්ත. අද ඔය කතා කරන සමහර උදවිය පහුගිය මහ මැතිවරණයේදී ජනතාව ප‍්‍රතික්‍ෂේප කරපු අයයි. ගමේ ශ‍්‍රී ලංකා පාක්‍ෂිකයාගේ සැබෑ උවමණාව මේ අය දන්නේ නෑ. ගමේ ශ‍්‍රී ලංකා කාරයෝ කියන්නේ මහින්ද උනත් මෛත‍්‍රි එක්ක ආයේ අවොත් ඡුන්දෙ දෙන්නේ නෑ කියලයි. මෛත‍්‍රිපාල සිරිසේන මහතා අපේ පක්‍ෂයට කල දේ ගැන අපේ පාක්‍ෂිකයෝ ඉන්නේ වෛරයෙන්.එතුමාව පිළිගන්න ගමේ පාක්‍ෂිකයා සූදානම් නෑ. ඔය මොන පම්පෝරි ගැහුවත් ගමේ පාක්‍ෂිකයා දිනා ගන්නත් එතුමාට තාම බැරිවෙලා තියනවා. ඒ නිසයි අපි මේ කියන්නේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය මෛත‍්‍රිපාල මහත්තයා එක්ක තනිව ආවත් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් එක්ක එකතු වෙලා ආවත් දිනන්න බෑ. දිනන්න මහින්ද මහත්තයාගේ සහය අත්‍යවශ්‍යමයි. පම්පෝරි ගහන ඇමතිවරු ඒක තේරුම් ගන්න  ඕන. කවුරු මොනවා කිව්වත් ඊලග මැතිවරණය දිනන්නේ මහින්දගේ අඵත් බලවේගයයි. ඒක වලක්වන්න කිසිවෙකුට බෑ.

ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ඉදිරියේ තියන  ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ අඵත් ජාතික බලවේගයකින්. ඒ බලවේගය දැන් ගොඩ නැගෙමින් තිබෙනවා. මොකද අපි ? වැටුණු වලේ දවල් වැටෙන්න ලෑස්ති නෑ. අද මේ ආණ්ඩුව තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය යහපාලනය, මාධ්‍ය නිදහස වගේ දේවල් ගැන තියන්නේ පංපෝරිය විතරයි. ආණ්ඩුව අමු දවාලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යහ පාලනය සහ මාධ්‍ය නිදහස උල්ලංගනය කරනවා. එදා රාජපක්‍ෂ ආණ්ඩුව පතුරු ගැසූ සිවිල් සංවිධාන ලොක්කන්ගේ අද මුඛ පූට්ටු වෙලා රටේ ජාතික ආරක්‍ෂාව තුට්ටුවකට මායිම් නොකර කොටි පදේට නටන මේ රූකඩ ආණ්ඩුව තවත් බලේ හිටියොත් අපිට රටක් නැතුව යනවා. අපේ දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න රටක් නැතුව යනවා. ඒ නිසා මේ රටේ ජනතාව දැන් මේ ආණ්ඩුව ගෙදර යවන්න අවස්ථාවක් ලැබෙනතුරු ඇගිළි ගැන ගැනයි ඉන්නේ. මොකද ඒ තරමට මේ ආණ්ඩුව ජනතාවට දැන් අප්පිරියයි. අපි ඒකාබද්ධ විපක්‍ෂය හැටියට මේ ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත ජනතා රැල්ලක් රට තුල ඇති කරලා මේ ආණ්ඩුව ගෙදර යැවීමට පියවර ගන්නවා.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුද මෙහිදී කථා කලහ.

– ප‍්‍රදීප් අනුරකුමාර

0 views
Main News