මෛත්‍රී-බැසිල් තීරණාත්මක සාකච්චාවක්.. ශ්‍රීලනිප-ඒකාබද්ද හවුල් කතා යලි එයි..
December 9, 2017 at 10:00 am | lanka C news
ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතව මැතිවරණයට තරග කිරීම ගැන තීරණාත්මක දුරකතන සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සිදුවූ බව දේශපාලන අංශ ආරංචි මාර්ග තහවුරු කරයි.
දිවයිනේ ප්‍රධාන පෙළේ සරසවියක මහාචාර්ය පදවියක් දරන ස්වාමීන් වහන්සේ නමකගේ මැදිහත් වීමෙන් මෙම සාකච්ඡාව පසුගියදා සිදුවිය. ඒකාබද්ධ විපක්ෂය සමඟ සාකච්ඡා කොට පොදු එකඟතාවක් ඇතිකරගැනීම සඳහා ජනපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා බැසිල් රාජපක්ෂ මහතා ඇමතීමට ගත් උත්සාහයත් ව්‍යර්ථ වීමෙන් පසු යට කී හිමිනමගේ මැදිහත්වීමෙන් ජනපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාව සිදුවිය.
මෙහිදී දීර්ඝ සුහද කතාබහක් ඇතිවූ බව වාර්තා වෙයි. දෙපක්ෂය එකතු වී තරග කළ යුතු යැයි ජනපතිවරයා යෝජනා කළ විට ඒ ගැන පොදු තීන්දුවක් ගත යුත්තේ ඒකාබද්ධ විපක්ෂය යැයි බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇතැයි සඳහන්ය. ඒ සඳහා තමන්ට පෞද්ගලිකව කළ හැකි යමක් නැති බවත් තමන් ක්‍රියාකරන්නේ හිටපු ජනාධිපතිතුමා ප්රමුඛ පක්ෂය ගන්නා තීන්දුව මත බවත් බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් කියා තිබේ. තමන්ට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් පෙළඹවීමේ හැකියාවක් නැතැයිද ඔහු පැවසූ බව කියැවේ. එසේ වුවත් පවත්නා සුහද කතාබහ ඉදිරියට ගෙනයාමට එකඟත්වය පළකර ඇතැයිද දැනගන්නට තිබේ.
කෙසේ හෝ ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා ඇමතීමට දින ගණනාවකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති සිරිසේන මහතා ඩඩ්ලි සිරිසේනගේ නිවසේදී මුණගැසුණි. ඊටපසු දෙදෙනා පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේදී සිදුවූ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධනගේ විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළෝය. ඒ අවස්ථාවේදීද මහින්ද මෛත්‍රී දෙදෙනා සුහද කතාබහක නිරතවූ බව දේශයට වාර්තා විය. ඉන් අනතුරුව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අතුරලියේ රතන හිමියන්ද වෙන වෙනම දෙපක්ෂයම සමගි කිරීම සඳහා සාකච්ඡා මාලාවක් පටන්ගෙන ඇත.
ඒ අතර පසුගිය බදාදා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තනිව පළාත් පාලන ඡන්දය තරග කළ යුතු යැයි තීන්දු කළේය. එහෙත් නාමයෝජනා භාරදීමට පෙර දෙපක්ෂය එක්ව තරග කිරීම ගැන තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ඉඩ ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
– deshaya
මේ කරන්නේ පාක්ෂිකයන්ගේ මනස අවුල් කිරීමක්… කල යුතු එකම දේ මහින්ද ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා තමන්ගේ තීරණය රට ඉදිරියේ තියෙන එක…ඊට පස්සේ අපි දෙන්නම් දෙගොල්ලොම ගැන හිතලා පැන්සලේ අතට අරං අපේ තීරණේ…
That’s why I already pointed out that these politicians want to cover each others track only.we do not give any support to JO if they join.
සිරිසේන ඉන්න පක්ෂෙකට අපේ ඡන්දය නෑ
තොපි ඩීල් ගහගෙන වරෙල්ලකෝ චන්දේ ගන්න. ගහල පන්නනේ….