මෛත‍්‍රී-මහින්ද ආණ්ඩුව හදනකොට මං විරුද්ද වුණා.. පොහොට්ටුව හැදුවේ අපට කරන්න දෙයක් නැති වූ නිසා..

January 20, 2019 at 6:23 am | lanka C news
මෛත‍්‍රී-මහින්ද ආණ්ඩුව හදනකොට මං විරුද්ද වුණා.. පොහොට්ටුව හැදුවේ අපට කරන්න දෙයක් නැති වූ නිසා..

මහින්ද රාජපක්‍ෂ මහතා නැවත වතාවක් අගමැති ධුරයට පත් වෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමට උඩුගම්පොළ දී අමතමිනි.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.

2019 වසර කියන්නේ මැතිවරණ වර්ෂයක්. අපි පසුගිය වසර හතරක් මේ රට මොන තත්ත්වයට පත්වුණා ද කියලා පැහැදිලිව දන්නවා. මේ රටේ යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය ආරම්භ කළේ අපේ ආණ්ඩුවෙන් කියන එක ජනතාවට රහසක් නෙමෙයි. 2015 ජනවාරි මාසේ ජනවාරි 08 වැනි දායින් පසුව ඒ වැඩපිළිවෙළ කඩා වැටුණා. ආර්ථිකය විනාශ වුණා. රුපියල බාල්දු වුණා. කෘෂිකර්මාන්තය බිඳ වැටුණා.

පෙබරවාරි 10 වැනි දා ට පළාත් පාලන මැතිවරණය පවත්වලා වසරක් පිරෙනවා. ඊට පෙරාතුරව ගමේ පාරක්වත් හැදුණද කියලා තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න. ඒ නිසා තමයි මෛත්‍රිපාල ජනාධිපතිවරයට පවා යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වෙලා මහින්ද රාජපක්ෂ මහතාගේ පැත්තට හැරෙන්නට සිදුවුණේ. දින 52 අපේ ආණ්ඩුව බදු ඉවත් කරලා මැතිවරණයක් තියලා දේශපාලන ස්ථාවරත්වයක් හදාගන්න යන විට තමයි එ. ජා. ප, ජ. වි. පෙ සහ දෙමළ සන්ධානය මැතිවරණයක් එපා කියලා උසාවි ගියේ.

අපි වසර තුනක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම ගන්න උත්සාහ කළත් ගන්න බැරි වුණා. දෙමළ සන්ධානය ඒක තියාගෙන හිටියා. නමුත් පසුගිය කාලයේ දේශපාලන වෙනස්කම් තුළ අපට මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්කරන්න හැකි වුණා. එතුමා විපක්ෂ නායක වෙලා ඉඳලා තමයි අගමැති වෙලා ජනාධිපති වුණේ. ඒ නිසා අනිවාර්යෙන් මහින්ද මහත්තයා නැවත වතාවක් අගමැති ධුරයට පත් වෙනවා.

පහුගිය කාලයේ මේ ආණ්ඩුව හදනකොට මම විරුද්ධ වුණා. ඒක මගේ පෞද්ගලික මතය. නමුත් මේ දේශපාලන තීන්දුව රට වෙනුවෙන් ගත්තු තීන්දුවක්. මහින්ද මහත්තයා රටට ආදරය කරන මනුෂ්‍යයෙක්. එතුමාට අවාසි වෙන්න පුළුවන් කියලා දැන දැනත් රට වෙනුවෙන් ඒ තීන්දුව ගත්තා. දැන් එතුමා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් වෙලා තිබෙනවා.

පොහොට්ටුව හැදුවේ ජනතාව. මහින්ද මහත්තයා පැරදුණාම අපි යහපාලන ආණ්ඩුවට එකතු වෙන එක ප්‍රතික්ෂේප කළාම අපේ සංවිධායකකම් ඉවත් කළා. මම මිනුවන්ගොඩ සංවිධායක ධූරයෙන් ඉවත් කළා. අපට තැනක් තිබුණේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් හදාගෙන අපි දේශපාලන කටයුතු කළා. හැමදාම ඒක කරන්න බැරි නිසා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුණේ.

අපිට පක්ෂයක් නැති වෙලාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා නායකත්වය අරගෙන මේ පක්ෂය අපට හදලා දුන්නා. පක්ෂය පිහිටුවලා මාස හයක් හතක් ඇතුළත පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්න අපට හැකි වුණා. ඒ ජයග්‍රහණය නිසා තමයි ජනාධිපතිවරයාට සිද්ධ වුණේ අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන්න.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී 25000කින් පැරදුණු ගම්පහ දිස්ත්‍රික්කය පළාත් පාලන මැතිවරණයේ දී 265000කින් ජයග්‍රහණය කරන්න අපිට හැකිවුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය තමයි මැතිවරණයක තීරණාත්මක සාධකය. දැන් අපි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරලා නිහඬව හිටියොත් අපිටත් වෙන්නේ ඉබ්බා එක්ක රේස් ගිය හාවට සිද්ධ වෙච්ච දේමයි.

ඒ නිසා ජයග්‍රහණයෙන් උදම්වෙලා නිහඬව නොසිට දෙගුණයක් මහන්සි වෙලා අපි සංවිධාන කටයුතුවල නියැලෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපට ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේ අවුරුද්ද ඇතුළත තියෙන මැතිවරණය ජයගන්න තව තවත් උනන්දුවෙන් වැඩ කරමු.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඉන්දික අනුරුද්ධ, ඩුලිප් විජේසේකර, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පළාත් සභා මන්ත්‍රිවරුන් වන සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, ලක්ෂමන් ගුණවර්ධන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, නගර සභාවේ සභාපති නීල් ජයසේකර මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

24 views

12 Comments to “මෛත‍්‍රී-මහින්ද ආණ්ඩුව හදනකොට මං විරුද්ද වුණා.. පොහොට්ටුව හැදුවේ අපට කරන්න දෙයක් නැති වූ නිසා..”

  1. ratawesiya says:

    yako balayata dangalanna epa maitreeya, ranilaya mahindaya den ratama winasa karana SENA wasangathaya iwara karapiyaw. goviyo waha bonawa MAHA EKA RATA SAWARIYO THHOPI OKKOMALA TA HENA WEDEWAAAAAAAAAAAAAAAAAA

    • මිනුවන්ගොඩ උකුස්සා says:

      කොහොම හරි දූෂණ නඩුවලින් ගොඩයන්න ක්‍රමයක් බැලුවොත් හොඳයි. රෙජී රණතුංග නමි ප්‍රතිපත්ති ගරැක හොඳ මිනිහා. කොල්ලො ටික එහාට මෙහාට පැනල එයාගෙ නමිබුවත් කෑවා. රෙජී නමි පාර්ලිමේන්තුවට මිරිස් වතුර ප්‍රහාර එල්ල කළ කැළණියේ ප්‍රසන්න රණවීර වගේ ජඩයින් දේශපාලනයට ලංකරගත්තෙනෑ.

  2. Amith says:

    අනේ තොපේ රටට ආදරේ.අවුරුදු 70ක් මාරු වෙවී රට කනවා

    • සිංහල බන්ඩා says:

      චිට් බෙදල කඩ ඔෆිස් ෆැක්ටරි වහල 1987 පලත්සභා චන්දෙදි ඉස්සෙල්ලම චන්දෙ දමපු පස්දෙනා සහ තවත් මිනීමරපු ජෙප්පෙක් නේද උඹ?

      • Amith says:

        උබලා වගේ වහලුන්ට ඇත්ත කිවොත් ජේවීපී.මෝඩ මීහරක්.රට කනවා.ජේවීපී උන් එක එක කාලෙට මහින්දටයි රනිල්‍ටයි කඩේ ගිහින් රට කන්න උදව් කරපු එකනේ කලේ.උබලා වගේ මරි මෝඩයෝ ඉන්නකන් මේ රටවල් හැදෙන් නෑ.තොපේ මීහරක් රජ කරනවට වඩා කොච්චර ප්‍රශ්න තියන්වද?උබලගේ බූරු මොලවල තියෙන්නේ හොරු රජ කරවන එක තමයි.මේ රටට ජාතික ප්‍රතිපත්තියක් නැතිව ගමනක් නෑ.කාර්මික නිශ්පාදනයක් නැතිව.සාර්තක කෘශි කර්මාන්තයක් නැතුව අනාගතයක් නෑ.උබලා වගේ මීමුන්ට ඒවා තෙරෙන් නෑ.පුස්තකාල ගිනිතියලා රට විනාශ කරපු උන්ගෙයි,88/89 මිනී මරපු උන්ගෙයි,මහ බැන්කුව කාපු උන්ගෙයි.සුනමි සල්ලි හොරකන් කරපු උන්ගෙයි වරදක් නොපෙනෙන ට්ගොපි වගේ උන් ඉන්නකම් මේ රටවල් හැමදාම එක තැන.

    • සිංහල බන්ඩා says:

      චිට් බෙදල කඩ ඔෆිස් ෆැක්ටරි වහල 1987 පලත්සභා චන්දෙදි ඉස්සෙල්ලම චන්දෙ දමපු පස්දෙනා සහ තවත් මිනීමරල දැන් රනිලට දාසකම් කරන ජෙප්පෙක් නේද උඹ?

    • ජෙප්පා says:

      දීපල්ලාකො අපිටත් කන්න 😂

    • Rommel says:

      Andu balayak nathiwama 1971 di 1988_1989 di desarayak dhas ganan mini marala rajya depala vinasa karala rate arthikaya vinasha karapu jepponta aththatama rate balaya labunoth mokin mokak veida kiyala thipi vage brainwash karapu khukaha jepponta notherunata apita hondata hitha ganna puluwan

  3. Sam says:

    Mu thadi hara, me yaka monavada ratata ha minisunta karala thiyene?

    Munuth pawul pitin gahanava.

  4. Saradiel says:

    මහින්ද අගමැති ගොටාබය ජනාදිපති රට පෙරට

  5. යුක්තිය says:

    හ්ම්……! තේරැම් ගත්තට කමක් නෑ….! උනු දේවල් ගැන කියවන්න විතරක් ගිහින් ඇන ගන්න එපා……!ඒව වෙලා ඉවරයි දැං…..! ජනාධිපති කොහොම හරි අපේ පැත්තට ආවනේ….! නිකම්ම ආවෙ නෑ නේ…ඒ සහය අරං ගේම ගහන්න අපි දැන ගන්න ඕන…!

Main News