මෛත‍්‍රී-මහින්ද එකගතාවකට එයි.. ජනාධිපතිවරණයේදී සහාය..

September 21, 2019 at 3:50 pm | lanka C news
මෛත‍්‍රී-මහින්ද එකගතාවකට එයි.. ජනාධිපතිවරණයේදී සහාය..

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්ක කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ එකඟතාවයට පැමිණ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අතර පසුගිය බ්‍රහස්පතින්දා පැවැති විශේෂ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දු ගෙන ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

මේ අතර එම සාකච්ඡාව ඉදිරියක් ලෙස සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ද පවත්වා ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ලකුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණ ලකුණ ගැන මතුකරන විරෝධතාවය ගැන මෙතෙක් එකගතාවකට පැමිණ නැතැයිද වාර්තා වෙයි.

113 views

19 Comments to “මෛත‍්‍රී-මහින්ද එකගතාවකට එයි.. ජනාධිපතිවරණයේදී සහාය..”

  1. වෙබ් බුවා says:

    දැන් ශ්‍රීලංනිපෙ ඉතුරු වෙලා ඉන්නෙ කල් ඉකුත්වූ සහ වෙන පක්ෂ වලින් ගර්හිත ලෙස ඉවත් කල බඩු. ඕවා උනුකරල ආපහු කෝවෙ දාන්න ඉන්දියාවට බර කිරල විකුණා දමන්න

    • maraya says:

      තිරුපති කෝවිලටද විකුනන්නේ ? තිරුපති යන දේශපාලකයන්ට ලැබෙන සාපය දැන් හිටන්ට ලැබිලා කලින් හිටපු අයටත් ලැබුනේ
      තරාදියේ දාලා තමාගේ බරට රත්ත්‍රන් ,සදුන් කෝවිලට දෙන/දුන් මෝඩ දේශපාලකයෝ

  2. Dushantha says:

    ඔය පිස්සු හුටංව ගන්ඩ එපා. දෑන් ඔය යන එන මන් නෑතුව ඉන්නෙ. දිනුවට පස්සෙ ඕකුන් කියයි අපි හින්ද දිනුවෙ කියලා.

Main News