මෛත‍්‍රී-මහින්ද-ගෝටා තීරණාත්මක සාකච්චා..

August 10, 2019 at 11:20 am | lanka C news
මෛත‍්‍රී-මහින්ද-ගෝටා තීරණාත්මක සාකච්චා..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සතියක් හමුවක් එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම සාකච්ඡාවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඇති කිරීමට නියමිත නව දේශපාලන සංධානය පිළිබඳව සාකච්ඡා කරනු ඇති බව වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනා අතර පසුගිය සදුදා දිනයේ ද ජනාධිපති නිල නිවසේදී සාකච්ඡාවක් පැවතියේය.

මේ අතර වාර්තා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර හමුවක්ද ඉදිරි සතියේ සිදුවීමට නියමිත බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල කාම්බෝජ සංචාරයක නිරත වී සිටින අතර ඔහු අද දිනයේදී යලි මෙරටට පැමිණීමට නියමිතය.

46,458 Viewers

3 Comments to “මෛත‍්‍රී-මහින්ද-ගෝටා තීරණාත්මක සාකච්චා..”

  1. හිටංව ඔහොම වටේ අරන් ගිහිං අත අරිමු. එයා වැඩ බැරි ටාසන් කෙනෙක් බව ඔප්පු වී හමාරයි.

    • Amda says:

      ඔයතරම් මොනව සාකච්ඡා කරන්නද මන්දා………….

      මහින්දට බෑ, එහෙනම් ගෝඨා ම විතරයි.

      වෙන එවුන්ට ඡන්දය නැත.

      End Of Story !

      • kawinda says:

        sahathika eththa. Mahinda den wayasai. parana widihatamai hithanne. siyalu theerana geneem Gota wetha pawara balaa innawaa nam thama honda.

Main News