මෛත‍්‍රී-මහින්ද ඝාතන කුමන්ත‍්‍රණයක් ගැන කීවේ පිස්සෙක්..- ඉන්දියාව කියයි..

September 27, 2018 at 4:40 pm | lanka C news
මෛත‍්‍රී-මහින්ද ඝාතන කුමන්ත‍්‍රණයක් ගැන කීවේ පිස්සෙක්..- ඉන්දියාව කියයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා මානසික අබාධයක් ඇත්තෙකු බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම කරුණ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව විසින් ලබා දුන් සීමිත තොරතරු ඔස්සේ මෙම ඉන්දීය ජාතිකයා ගැන පරීක්ෂණයක් කරන ලෙස ලෙස ඉන්දියාවට දන්වා ඇති බවද ඔවුන් සදහන් කරයි.

2000 වසරේ සිට මෙම පුද්ගලයා මානසික ආබාධයකින් සිටින බව මූලික පරීක්‍ෂණවලින් හෙලිවූ බවද සදහන් කරන ඉන්දීය තානාපති කාර්යාලය ඉදිරියේදී සිදු කරන පරීක්‍ෂණ සදහා පූර්ණ සහයෝගය ලබා දෙන බවද ඔවුන් කියා සිටී.

29 views

11 Comments to “මෛත‍්‍රී-මහින්ද ඝාතන කුමන්ත‍්‍රණයක් ගැන කීවේ පිස්සෙක්..- ඉන්දියාව කියයි..”

  1. Wijeveera says:

    ඉන්දියාව අැයි මල්ල ලිහන්න කලින් ඔබල ඒව මෙිව කියන්නේ පාඩුවෙ ඉන්නකො ඒක ලිහනකං ලනුව ටිකක් පැටලැවිල තියෙන්නේ කියන්න බැහැ මහින්දව ඉන්දියාවට ගෙන්නල ඔලුව අතගාල ‍මැරෙනනම ටෙක්කක් අනින්න හැදුවද කියල මහින්ද මහත්තයා පරිස්සමෙන්

    • දේවක ගොන්සූරිය says:

      අනිවා වයර් ෂෝට් වෙච්ච සීයා කෙනෙක්ව මරන්න කුමන්ත්‍රනය කරන්නෙ තවත් වයර් ෂෝට් වෙච්ච එකෙක්ම තමා.

      • Brahmana says:

        උඹ නම් උඹේ නමටම ගැලපෙන ගොන් තකතිරුවෙක්.

        උඹ ඔය ” වයර් ෂෝට් වෙච්ච සීයා කෙනෙක්” කියල අපහාස කරන්නේ සිරිසේන ජනාධිපතිට නේද?

  2. Dissanayake says:

    මානසික රෝගියෙක් කියා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය මහින්ද සිරිසේන ගෝඨාභය ඝාතන සැලැස්මේ ඉන්දියානුවා බේරාගැනීමේ උත්සහයක.

  3. Gamini says:

    Ro…..Ro….Ro ……the boat

  4. LION says:

    රෝ ඔත්තු කරුවෙක් පකිස්ථානයෙන් බංගලාදේශය වෙන් කෙරුවෙත් මේ අය තමයි

  5. Audit Superintendent says:

    If he is a mad person, how did he enter SL passing Indian and Sri Lankan immigration and emigration points.
    Please don’t set him free without a through investigation.

  6. gorilla says:

    ඔව් ඔව් ලංකාවේ කිසිමවැඩක් නොකර වියදම් කරන්න ඉන්දියාවේ අහවල් තැනින් සල්ලි ලැබෙන පිස්සුම පිස්සු මනුස්සයෙක් මෙයා.

  7. LION voice says:

    Yes india is npw trying to set this sakkili indian demala free saying he is mad…..put this raw indian behind bars forever………..

  8. Nim says:

    ” HORA TA ESELLA KEHEL KANA
    WATA PANALA ”
    WAGE KALABALA WENNA APA
    SEYALLA ALI WEVI.

  9. නීතියෙන් බේරෙන්න පිස්සන්ටම රට බාර දෙන්න, says:

    නීතියෙන් බේරෙන්න පිස්සන්ටම රට බාර දෙන්න, පිස්සන්ට ජයවේවා.

Main News