මෛත්රී-මහින්ද නව ජාතික සන්ධානය මාර්තුවට පෙර ස්ථිරයි.. තනතුරු බෙදන්න කමිටුව පත් කරයි..
February 9, 2019 at 8:40 am | lanka C news
ජනාධිපති මෛත්රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ නායකත්වයෙන් නව ජාතික පුළුල් සන්ධානය ස්ථිර වශයෙන්ම ඉදිරි සති දෙක හෝ තුන ඇතුලත පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
කන සන්ධානයක සදහා වූ මෙහෙයුම් මණ්ඩලයේ පළමු සාකච්ඡාව ඔවුන් දෙදෙනාගේ ප්රධානත්වයෙන් සාර්ථකව පැවති බවත් මන්ත්රීවරයා කියයි.
නව සන්ධානයේ නම, ලකුණ සහ තනතුරු බෙදී යන ආකාරය ගැන වාර්තාවක් සකස් කිරීමට තාක්ෂණික කමිටුවක් පත් කර ඇතැයිද ඒ මහතා සදහන් කරයි.
එම කමිටුව නව සන්ධානයේ සියළු නායකයන්ගෙන් සමන්විත යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.
ඇත්තටම හොද වැඩක් , ප්රජාතන්ත්රවාදය අගයන සුවහසක් ජනතාවට ලේසියී තින්දුවක් ගන්න , පොහොට්ටුවේ දියාරුකොරනවාට මෛත්රීට අපගේ හදපිරි මෙව්වා එක !
තියෙන චන්ද ටිකත් නැති කරගන්න වෙන්නේ සිරි එක්ක එකතුවුනොත්.එයාට වෙනම තරග කරලාදිනලා අවහම ඔන නන් එකතු වෙමු කියන්න.
පරන ක්රියා තරහ මරහ අමතක කර මහින්ද මෛත්රී එකතුව සංධානයක් හැදුව කියන්නෙ අලිකොටිසීනු හවුල තුජීතය්.
අලිකොටිසීනු හවුලෙ උන්ට වෙන වෙනම ජනාධිපතිවරණෙට ඉල්ලන්න කියපන්.
ගමේ නිදහස් පාක්ෂිකයා කැමති මේ දෙක එකතු වෙනවට
ගිය පාර නිදහස් පාක්ෂිකයා පොහොට්ටුවට දුන්නෙ මහින්ද මහත්තයා
කිව්ව හින්ද.
නැතුව බැසිල්ල හින්ද නෙමෙයි
මහින්ද මහත්තයා නැතුව පොහොට්ටුව තනියෙන් ඉල්ලුවනම් පොහොට්ටුව 5% වත්නෑ.