මෛත්‍රී-මහින්ද නිතරග ගිවිසුමක.. ජනාධිපතිවරණයට මෛත්‍රී තරග නොකරයි.. ශ්‍රීලනිප සහාය පොහොට්ටුවට..
August 10, 2019 at 10:33 pm | lanka C news
– මෙම පුවත දේශය පුවත්පතෙන් උපුටා ගන්නා ලද්දකි..
ශ්‍රී.ල.නි.ප. නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන්වැනි අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට තරග නොකිරීමටත් එම පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමටත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකඟත්වයකට පැමිණීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති ප්‍රථම හමුවේදී මේ ගැන මූලික එකඟත්වයක් ඇතිකරගෙන තිබේ. මෙහිදී ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් පොහොට්ටුවට එක්වූ පසු ඔවුන්ගේ දිස්ත්‍රික් නියෝජනයන් ආරක්ෂා කර දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇත. ඊට මහින්ද රාජපක්ෂ මහතා එකඟත්වය පළකර තිබේ.
දෙපක්ෂය අතර කෙරෙන සාකච්ඡා ඉදිරියට ගෙනයාමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමන්ගේ ආණ්ඩුවක හිමිවන ස්ථානය ගැන එම සාකච්ඡාවේදී තීරණයක් ගැනීමටත් දෙපක්ෂය එකඟ වී ඇතැයිද සඳහන්ය.
ජනාධිපතිවරයා සිය කාම්බෝජ සංචාරය නිමවා පැමිණි පසු ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනම මුණගැසීමට නියමිතය. ඒ කෙසේ වෙතත් දැනට ශ්‍රී.ල.නි.ප.යේ සිටින මහින්ද සමරසිංහ, මොහාන් ලාල් ග්‍රේරු, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එ.ජා.ප.ය සමඟ එක්වන බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.
– deshaya
මෙෙත්‍රි මුංට හොඳ වඩයක් නම් දෙයි.
ගෝටාව නම්කරනකම් ඉදලා කුදලලා ඇතුලට දාලා මෙෙත්‍රි නැවත ඉදිරිපත් වේවි.මෙෙත්‍රි කියන ඒවා විශ්වාස කරන්නේ කකුල් අටේ හරක්.
(මෛත්‍රී-මහින්ද නිතරග ගිවිසුමක.. ජනාධිපතිවරණයට මෛත්‍රී තරග නොකරයි.. ශ්‍රීලනිප සහාය පොහොට්ටුවට…..හී හී හොහ් හූ)
Can’t trust my3. Beware (not from dogs) from him.
ඔය යකාව නම් ගන්න එපා. අරගන්න ඹ්නෙම අරං තියා ගනිල්ලා කුණු පොල් කුඩු ගානට. මේ රට විනාශ කරපු කාළකණ්නිය.
re wetuna wale dawal wetunoth ratama saha janathaawama anaathai. mai 3 and sajith kiyanne deal paala and deal daasala dennek. parana athdekeem ekka hondata hithala viyathungena ahala ganna theeranayak ganna. Gota honda buddhi pradaaniyek nisaa mahindata wadaa idiriyen innawa kiyala janayaage mathyak thiyenawa.