මෛත්‍රී-මහින්ද රහස් හමුවේ රහස් මෙන්න..
November 25, 2017 at 10:00 am | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ තමන් අතර හමුවක් සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තහවුරු කර තිබේ.
ජනාධිපතිවරයා මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු පවසා ඇත්තේ පසුගිය අඟහරුවාදා ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් සිව්නමක් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට යන බවට පැතිර ගිය පුවත ගැන කරුණු විමසීමට නායක හිමිවරුන් ජනාධිපතිවරයා මුණගැසී ඇත. මෙම භික්ෂු නියෝජිත පිරිසට ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනායක හිමියෝද, ඇල්ලේ ගුණවංශ හිමියෝද, ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ, කොටපොල අමරකිත්ති හිමියන් සහ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝද ඇතුළත් වූහ.
මෙම සාකච්ඡාව යන අතරතුර මතුවූ ප්‍රශ්න සම්බන්ධයෙන් නායක හිමිවරුන්ට කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා තමන් සහ හිටපු ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් පසුගියදා සිදුවූ බව ප්‍රකාශ කර ඇත. එහිදී ශ්‍රී.ල.නි.ප. අනාගතය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා සමග දීර්ඝ සුහද කතාබහක් පැවැත්වූ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. එහෙත් එම කතාබහේ තොරතුරු ජනාධිපතිවරයා නායක හිමිවරුන් වෙත දැනුම් දී නැත.
මහින්ද මෛත්‍රි හමුව සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව ඇතැයි වාර්තා වන අතර එය ජනාධිපතිවරයාගේ සොහොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ නිවසේ පැවති බව පසුගියදා පළවූ මාධ්‍ය වාර්තා ගණනාවකින් ඉඟිකර තිබිණි.
– Deshaya
ජනාධිපති තුමනි ඇයි තවත් බලන් ඉන්නේ ඔබ තුමා එජාප හොර රැල එලවලා පිරිසිදු ශ්‍රීලනිප රජයක් පිහිටුවා මහින්ද මහත්තයට අගමැති කම දෙන්න.
එහෙම කලොත් ඔබතුමාගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවේවි.
Bahaney….19th Amendment wont allow janadipathi to dissolve the parliament or the PM.
MR scolded MS in cabinet meetings.
MS gave the return in public.
Now both have realized the consequanaces.
What we want both to realize RW and his team is full of FOXes
Let them unite, MS and MR both get togeter and form a SLFP govt.
Send CBK back to UK, She is the trouble maker
ගෝඨාභය ඇමට දමා මහින්ද හසුකර ගැනීමේ දෙවන ජාතික ලැයිස්තු මෙහෙයුම…මහින්ද කැමැත්තෙන්ම හසු වේ…
ඒ විතරක් නොවේ රට නැවත එක්සත්වි දියුණුව කරා ගමන්කරවී.මේ හොර අපුටුවෝ ටිකට නිසියාකාර දඩුවම් පමුණුවිය යුතුයි.
Thoge mole mangjang the booruwo. manthree 91k thiyaagena aandu hadanne kohomada bahutharaya nathiwa. Bi mee harak ta mole kalandakwath na deshapalana awabodayath na
mahindata nam agamaethikama denna epa, obathumath iwarai,lagin goyoth ahaek naha nowe
OBA TUMA RATE WIYAWASTAAWA DANNE NATI PAATAI-ANIKA MR WA ELEWW MINISSU AITH GENNA NEMEI MAHATTAYO.
Maithree is a person who did everything posible to get personal revenges & for personal gains ( or maybe he was brainwashed by certain people to breakout & contest : which proves his calibre ) but he did nothing for the country – And now when he seems to realize that things are slipping out of his grasp, he is trying to patch-up…
Truth is He is Not the Right Leader We Need !!!
amulika boruwak
කොලේ ඉරා ගත්තේ ජාතික ලැයිස්තුවට පැරදිච්ච අය දාපු දවසේ ඉදල ජනාධිපතිතුමෝ….!
Mr president Mahinda, please confirm or deny this story. If you do nothing, you will start loosing popular support you are getting now.
ආයෙමත් උගුලක අහුවෙලා පස්ස බිම ඇනගන්න එහෙම එපා මහින්ද මහත්තයෝ . . .. මොකා කොහොම කිව්වත් චන්දදායකයා ඉන්නේ කල්පනාවෙන් ….එක මතක තියා ගන්න
මන් කලිනුත් කිව්වේ Dudley ඉන්නක0 ගෝඨා ව ඇතුලට ගන්නේ නෑ
siwurata oyatharam baya mokada.