මෛත්රී-මහින්ද සම නායකයින්.. මැතිවරණයට පුටුව ලකුණින්.. පොහොට්ටු-ශ්රීලනිප ගිවිසුම සුබ මොහොතින් අත්සන් තැබේ…
October 26, 2019 at 3:50 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයේ ජාතික සංවිධායක ධුරය ශ්රී ලංකා නිදහස් පක්ෂයටත් මහලේකම් ධූරය ශ්රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීමට එකඟතාවකට පැමිණ තිබේ.
මෙම නව සන්ධානය සම නායකයන් ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිත ඇත.
සන්ධානයේ සභාපති ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දීමට නියමිතව තිබේ.
පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුම එළැඹෙන 31 වැනි දා පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී අත්සන් කිරීමට සූදානම් කර ඇත.
නව සන්ධානය අත්සන් තැබීමෙන් පසු ජනාධිපතිවරනයට පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදී පුටුව ලකුණින් තරග කිරීමට ද එකඟතාවයකට පැමිණ තිබේ.
පොහොට්ටුවට චන්දෙ දෙන බහුතරයක් ඕකට
අකමැතියි.පොහොට්ටුව ආපස්සට ගියොත් මහින්දටත්
එකට වග කියන්න වෙයි.ඔක්කොම පොහොට්ටුව වටා
එකතු කරනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ.මතක
තියාගන්න පුටුවෙන් ඉල්ලුවෙ චන්ද්රිකා
මේ අවස්ථාවේ හැටියට හොදා ජය