මෛත‍්‍රී-මහින්ද හමු වී සාකච්චා.. රජ කපුවා SBත් ඒ අසලමයි… [Video]

October 15, 2018 at 11:06 pm | lanka C news
මෛත‍්‍රී-මහින්ද හමු වී සාකච්චා.. රජ කපුවා SBත් ඒ අසලමයි… [Video]

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් දෙදෙනා උත්සව අවස්ථාවක මුණ ගැසී ඉතා සුහද කතා බහක නිරත විය.

මේ දෙදෙනා අතර එකගතාවයක් ඇති කිරීම සදහා උත්සාහයක් දරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතාද ඒ අසලම විය.

මොවුන් අතර සාකච්චා වූයේ මොනවාදැයි තොරතුරු නැතද ඉතා සුහද ලෙස කතා පහ කරනු පැහැදිලිවම පෙනින.

මහනුවර අස්ගිරිය ශ‍්‍රී සර්වානන්ද විදුහලේදී පැවති ආගමික උත්සවයකදී ඔවුන් මෙසේ මුණ ගැසී සුහද කතාබහක නිරත විය.

බාරකාර ආණ්ඩුවක් සදහා සාකච්චා පැවැත්වෙන්නේ යයි දිගින් දිගටම වාර්තා පල වෙද්දී සිදු වූ මෙම හමුව විශේෂය.

158 views
Main News