මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයායි.. මහින්ද රාජපක්‍ෂත් කැමතියි..- ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි..

January 10, 2019 at 10:49 pm | lanka C news
මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයායි.. මහින්ද රාජපක්‍ෂත් කැමතියි..- ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි..

මීළඟ ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවට පක්ෂය විසින් තීරණය කර ඇතැයි එම පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා විසින් අවශ්‍ය මොහොතේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ඇතැයි ද දැඩි විශ්වාසයක් ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ද කියා සිටියේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි.

එමෙන්ම ගොඩනැගෙන ඕනෑම සන්ධානයක නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවිය යුතු යැයිද ඔහු සඳහන් කලේය.

13,078 Viewers

17 Comments to “මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයායි.. මහින්ද රාජපක්‍ෂත් කැමතියි..- ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි..”

  1. බන්ඩා says:

    ඔව් ඔව් 2015 ජනවාරි හංසයට ලැබුනු ජන මතය. ලක්ෂ 62 තවමත් සිරිසේනට තියනවා කියලය් ශ්‍රිලනිප යෙ සම-හරක් තක්කඩි තවමත් හිතන්නෙ. මම දන්න පොහොට්ටුවට චන්දෙ දෙන කිසිවෙත් මෛත්‍රීපාලට කැමතිත් නැහැ. චන්දෙ දෙන්නෙත් නැහැ.

    • sayumi says:

      ජනාධිපතිවරණය කලින් පැවැත්වෙන්නෙ නැති නිසා අපේක්ෂකයො තෝරන්න හදිසි වෙන්න අවශ්‍ය නෑ. නිසිකලට එය සිදු වේවි. දැන් කලයුත්තේ රනිල් සුමන්තිරන් හොර නඩය සම්මත කරන්න යන ව්‍යවස්ථාවට තුනෙන් දෙක ලබා නොදීමට වගබලා ගැනීමයි. ජනාධිපති තුමාට පුලුවන්ද ශ්‍රීලනිප ගෙම්බන් මුදලට විකිණෙන එක නවත්තන්න? එහෙමනම් දැනට ඒ ඇති.

    • කාදිනල් ගොනා says:

      ගෝටගෙ සෙල්ලම් ඉවරයි. මෛත්‍රී ජනපති

  2. bandara says:

    මෛත්‍රී ජනපති ගෝඨා අගමැති…

    • ගන්ජ බන්ඩා says:

      සිරිපාල ගෝලයො දැනට චූන් කොරාට අපට කාරි නැහැ.

    • ගන්ජ බන්ඩා says:

      සිරිපාල ගෝලයො දැනට චූන් කොරාට අපට කාරි නැහැ. නියම වෙලාවට ගෝටට අත උස්සපියව්.

  3. Ratawasiya says:

    Ammo me sirisenage thiyena thanhawa. Mahinda mahaththaya pohottuwath pawa denawada ethakota

  4. Jay Eldridge says:

    MS + RW time is Over. People needs a fresh start. Dinesh + MR combination is a good choice.

    • බන්ඩා says:

      මහින්ද ඇරැනම බර වැඩ පෙන්නූ ජනතා ප්‍රසාධය ඇති රටේ ඉදිරි ගමනට අද අවශ්‍ය ජාතිකත්වයේ නායකයා, ජනාධිපතිවරයා ගෝටා ය්.

  5. parakum says:

    That is very good news, UNF will have a PRESIDENT at last!

  6. Mahasona says:

    Bloody fool. Do not try to be smart by telling your views. I was in Badulla yesterday. You are a dead piece of meat in politics. People hate you.

  7. Sirisena Yatawara says:

    The surprise move by Balapiya Sirpala has shifted new suggestion that MS shall be next Presenditial Candidature for year 2020 election .What a surprise move by Siripala not represtaitaive of majority people of Lanka. It not quite impossible any cost of our majority of Islanders.
    The UNP of Christen of Rani Wiacks has forwarded by New federal Constitution for separatism for Tamil Eealm state.
    We want New President of Sri Lankan

  8. Piyadasa Yalagala says:

    Ongoing new proposed constitution of that federalism in Parliament Constitutional Council has violated basic democracy norms by Ranil Wicks TNA JVP and CBK of Tamil Federalist. The 80% of majority Buddhist and Sinhalese an opposed New Proposed constitution .

  9. Piyadasa Yalagala says:

    Ongoing new proposed constitution of that federalism in Parliament Constitutional Council has violated basic democracy norms by Ranil Wicks TNA JVP and CBK of Tamil Federalist. The 80% of majority Buddhist and Sinhalese an opposed New Proposed constitution .We want unitary state not that Federalism proposed by TNA and JVP line of anarchism

  10. Love nature says:

    කිව්වොත් රසකර බොරු උපදිති නිරයේ මරු

  11. Love nature says:

    මුසාවාදය සිදුවන ආකාරය

    අනුන් රවටවන කරවන අදහසින් ඇති දෙය නැත යයි ද, නැති දෙය ඇත යයි ද, වූ දෙය නො වූයේය යි ද, නො වූ දෙය වූයේය යි ද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මුසාවාදය නම් වේ. මුසාවාද කර්මය සිදුවන්නේ අංග සතරක් සම්පූර්ණ වීමෙනි. එනම්,

    කියන කරුණ බොරුවක් වීම ය.
    අනුන් රවටන අදහස ය
    ඇඟවීමේ උත්සාහය ය
    අනෙකා කී දෙය තේරුම් ගැනීම ය

  12. Patriot says:

    nimal siripala mahabada anduwa dala evilla thiyenne ehema enne nethuwa inta beri nisa bawa pehediliy ohuge kathawen. hedila thiyana pohottu balawegaya gena ohuta wiswasayak ne. a gena kathakaranne nokkadu swarupayen. mohu 2014 november kumanthranaye kotaskaruwek bawa mahinda amathaka nokala yuthui. silvage ekama balaporottuwa kavuruhari marala unath pm wenta sirisena janadhipathi karala. onekenekuta meka wetahenta one. dayasirith evanima abhilashayan ethi ekek. silva naaki nisa modai. dayasiri upangei modayek bawa mahinda gena kathakaranta gihin hota patalawagath hetiyen penenawa. sirisena slfp rump eke mahalekam kama ugath modayek wana rohana lakshman piyadasagen eragena nugath upangei modayekuta baradee ethi setiyaki.

Main News