මෛත‍්‍රී මෙරට ජනාධිපතිදැයි සැකයි.. ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රී කරන අබියෝග කරන්නේ.. ජනපතිගේ අබියෝගය ආපසු ඔහුටම කරකවයි..

January 26, 2018 at 1:20 pm | lanka C news
මෛත‍්‍රී මෙරට ජනාධිපතිදැයි සැකයි.. ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රී කරන අබියෝග කරන්නේ.. ජනපතිගේ අබියෝගය ආපසු ඔහුටම කරකවයි..

වේදිකාවල අභියෝග කරමින් නොසිට ජනාධිපතිවරයාට ඇති බලතල යටතේ 10 වන දාට පෙර වහා පාර්ලිමේන්තුව කැඳවා බැඳුම්කර වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පවත්වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඒකාබද්ධ විපක්‍ෂය අභියෝග කරයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ ජනාධිපති කොමිසන් වාර්තා හැකිනම් 10 වන දාට පෙර විවාදයට ගන්නැයි ජනාධිපතිවරයා කල අභියෝගය ඔහු විසින් ඔහුටම කල අභියෝගයක් බවයි. මෙම අභියෝගය නිසා සිරිසේන මහතා මෙරට ජනාධිපතිවරයා දැයි සැක පහළ වන බවද රණතුංග මහතා පෙන්වා දෙයි.

අද (26) උඩුගම්පලදී මාධ්‍යවේදීන් අමතමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

එහිදී රණතුංග මහතා මෙසේද කීවේය.

‘බැඳුම්කර කොමිසමේ සහ ජනාධිපති කොමිසන් සභා වාර්තා 2 හැකි නම් 10 වනදාට පෙර විවාදයට ගන්නා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අභියෝග කරලා තිබුණා. මට ප‍්‍රශ්නෙ තියෙන්නේ ඇත්තටම මෛත‍්‍රීපාල සිරිසේන තමන් රටේ ජනාධිපතිවරයාද කියලා දන්නේ නැද්ද කියන එකයි. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු කරන්නේ සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු දෙමුහුන් ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැුස්වීමේදී මේ ගැන තීරණයක් ගන්න ඔවුන්ට පුළුවන්. සිරිසේන ජනාධිපතිතුමා හැසිරෙන්නේ පොඩි ළමයෙකුටත් අන්ත විදියට. එතුමා මේ අභියෝගය කළා නම් හොඳයි කණ්ණාඩියක් ඉස්සරහට ගිහින්. සිරිසේන ජනාධිපතිතුමාට අමතක වෙලා එතුමා මේ රටේ ජනාධිපති කියලා. එතුමා හිතාගෙන ඉන්නේ තමන් ප‍්‍රාදේශිය සභා මෛත‍්‍රීවරයෙක් කියලාද දන්නේ නෑ.

බැඳුම්කර වංචාවට සම්බන්ධ අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවේ ප‍්‍රමුඛයන් රකින්නේ වෙන කවුරුත් නෙවේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමායි. ඔහු කියලා තිබුණා බොරැල්ලේ තැනක රැස් වෙලා මේ කොමිසන් වාර්තා කල් දා ගන්න රහස් සාකච්ඡවක් කරලා තියෙනවා කියලා. අපි කියනවා එහෙම සාකච්ඡුාවක් ගැන ජනාධිපතිතුමා දන්නවා නම් ඒක වහාම රටට හෙළි කරන්න. සද්දේට කෑ ගැහුවයි කියලා වගකීමෙන් නිදහස් වෙන්න බෑ.

අනික ජනාධිපතිවරයා කියලා තිබුණා බැඳුම්කර මගඩියට අදාලව රවී කරුණානායක ඇමතිවරයාට එරෙහි විශ්වාස බංගයට මහින්ද මහත්තයා ඡන්දෙ දුන්නේ නෑ කියලා. එහෙම විශ්වාස බංගයක් පාර්ලිමේන්තුවට ආවෙ නෑ. 2016 අයවැය යෝජනා වෙනස් කිරීම පිළිබඳව අපි එවකට හිටපු මුදල් ඇමතිවරයාට විරුද්ධව විශ්වාස බංගයක් ගෙනාවා. සිරිසේන මහත්තයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරු ඒකෙදී රවීව රැක්කා. ඒ නිසා විශ්වාස බංගය පැරුදුණා. හැබැයි අපි රවීට විරුද්ධව බැඳුම්කර සම්බන්ධයෙන් විශ්වාස බංග යෝජනාවක් ගෙනාපුවාම ජනාධිපතිවරයා කියලා රවී කරුණානායක ඇමතිවරයාව මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස් කරවා ගත්තා. ඒ නිසා විශ්වාස බංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද කලේ නෑ. සිරිසේන ජනාධිපතිවරයා අද ඉන්නේ පටලවා ගෙන. ඔහු කියන බේගල් වලින් ඒක තහවුරු වෙනවා.

දැන් එක්සත් ජාතික පක්‍ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි ඉන්නෙ හොඳටම බය වෙලා පරාජයෙන් වියරු වැටිලා ඉන්න ජනාධිපති අගමැති දැන් හදන්නේ මහින්ද මහත්තයාට මඬ ගහන්න. මහින්ද මහත්තයාට මඬ ගහලා ජනතාව රවට්ටන්න මේ ආණ්ඩුවට තවත් බෑ.ඔවුන් දන්නවා 10 වෙනිදාට ගෙදර යන්න වෙන බව. මේ රටේ ජනතාව දැනටමත් තීරණය කරලා ඉවරයි පොහොට්ටුව දිනවලා රට දිනවන්න. ඒ නිසා ශ්‍රී ලංකා එකයි, එජාපයයි අද ඔය වේදිකාවේ රණ්ඩු වෙන්නේ බොරුවට. ඒක ලව් ෆයිට් එකක්, ආදර රණ්ඩුවක්. ඔය රණ්ඩු වලට මේ රටේ ජනතාව තවත් රවට්ටන්න බෑ’

– ප‍්‍රදිප් අනුර කුමාර

81 views

7 Comments to “මෛත‍්‍රී මෙරට ජනාධිපතිදැයි සැකයි.. ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රී කරන අබියෝග කරන්නේ.. ජනපතිගේ අබියෝගය ආපසු ඔහුටම කරකවයි..”

  1. Saradiel says:

    මුල ඉඳලා රනිල්- මෛත්‍රිපාල- චන්ද්‍රිකා හවුල කලේ ලංකාවේ සින්හල ජනතාවගේ ඇස් බැඳලා රටවිනාශයට ගෙනයන එකයි. සින්හල බෞද්ධ ජනතාව පත්තරකාරයින්ටයි ගුවන්විදුලියේ දේශපාලන සංවාදවලටයි රැවටෙන්නේ නැතිව එක්රාසිවෙලා මේ ආණ්ඩුවට විරුද්ධව නැගිසිටීමට සුදානම්විය යුතුයි. යුඇන්පී කාරයින්ටයි මෛත්‍රිපාල සිරිසේනට හා ඔහුගේ ශ්‍රී ලංකා නිදහස්පාක්ෂිකයන්ටයි ගම් වලට එන්ට දෙන්ට එපා.

    • leel says:

      මේ චන්දයෙදිත් මයිත්‍රීපාල සිරිසේන පොහොට්ටුවට ලැබෙන චන්ද අඩු කිරීම සදහා කුමන හෝ උප්පර වැට්ටියක් [මහා මැතිවරනයෙ මහින්දට අගමැති කම දෙන්නෙ නැ කියුවා සෙ…]අවසාන මොහොතෙ හො ක්‍රියාත්මක කරන බැවින්, කාගෙ හො කීසි තොරුටුරකට නොමග නොගොස් ඔබගේ වටිනා චන්දය පොහොට්ටුවට ලබාදෙන මෙන් රටේ උගත් ජනතාවට දන්වා සිටිමි….මොනම තොරතුරක් අසන්නට ලැබුනත් ඒ කිසිවකට නොරැටවීඉ ඔබේ චන්දය පෙබරවාරි 10 වන දින උදෙම පොහොට්ටුවට ලබාදෙන්න…. පොහොට්ටුවෙ සියලු පක්ස නායකයෙනි…මෙය ඉදිරි සියලු රැස්වීම් වලදි පොහොට්ටුවට ආදරය කරන ජනතාවට මතක්කරදීමට දැන් සිටම ආරම්බ කරන්න…..

  2. Kuveni says:

    Thank you Prasanna.

    You have guts to say the bare truth.

    Sirisena is trying to occupy high moral ground in Sri Lankan politics but he really is an icon of immorality….

  3. Real says:

    SORRYSENATA ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ PEANNA….

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 CHANDE DENNA…

    We should give a good lesson to this betrayer…

    We need to chase this fool soon.. we never thought that he is such a cruel person.
    We should not allow our young generation to listen to speeches .
    He is just a cruel man…

  4. අම්මපා හැබෑව says:

    රෙද්ද අස්සෙන් නරි වාදම් බේරේ. පින. රට කාලා තමා අපි නතර වෙන්නේ. තව අවරුදු දෙකක් තියෙනවා. ඒ ටිකේ රටත් බෙදලා ගමත් බදය අව්චි මහා නරකාදියේ යනවා.

  5. GA says:

    Hitanta. Loose motion. Valige. Hitan. Kakka…..iaaa

  6. Manel says:

    People in Sri Lanka, It is too late but you can still have some hope for your country if you can bring back Mahinda soon. I hope you all will vote lotus bud on 10th.

Main News