මෛත‍්‍රී යලිත් ජනාධිපති අපේක්‍ෂකයා කිරීමේ යෝජනාවෙන් ඔහු නැත්තටම නැති වෙනවා..

January 18, 2019 at 1:20 pm | lanka C news
මෛත‍්‍රී යලිත් ජනාධිපති අපේක්‍ෂකයා කිරීමේ යෝජනාවෙන් ඔහු නැත්තටම නැති වෙනවා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් ආණ්ඩුවෙන් එළියට ගත්තේ ඉතාමත් අමාරුවෙන් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

එසේ එළියට ඒමට නම් එම පිරිස් සටන් පාඨ දෙකක් ඉදිරිපත් කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඉන් එක් සටන් පාඨයක් වූයේ එක්සත් ජාතික පක්ෂයට එක් වන අයට දඬුවම් කරන්නේ නම් පොහොට්ටුවට එක් වූ අයට ද දඬුවම් කිරීම බව කී මන්ත්‍රීවරයා එම සටන් පාඨය ක්‍රියාත්මක කළේ නම් සිදු වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාටයි කිසිවකුත් නැති වීම බවද පැවසීය.

දෙවැනි සටන් පාඨය වූයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කරන බවට මහින්ද රාජපක්‍ෂ පොරොන්දු විය යුතු බවත් එම සටන් පාඨයෙන් කිරීමට උත්සාහ කළේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා නැත්තටම නැති කිරීම බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සන්ධානයේ පක්ෂ නායකයන් විසින් අවශ්‍ය වෙලාවට තීන්දු කරනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මෙම අදහස් පල කලේය.

56 views

7 Comments to “මෛත‍්‍රී යලිත් ජනාධිපති අපේක්‍ෂකයා කිරීමේ යෝජනාවෙන් ඔහු නැත්තටම නැති වෙනවා..”

  1. ' or 1=1; -- says:

    Heeyeue

  2. Saradiel says:

    රට බේරගන්න කොන්ද පන තියන එකම සුදුස්සා ගොටාබය

  3. පොඩි එකා says:

    දැන් මේ රට ගෙනැල්ලා තියෙන තැන භයානකයි.. මේකට මුහුණ දෙන්න එඩිතර නායකත්වයක් පත් කර ගන්න ඕන දේශපාලන කුහකත්වයෙන් තොරව… පතෝලයෙක් ආවොත් රට කැඩිලම තමයි නවතින්නේ.. කට විතරක් තිබ්බත් වැඩක් නෑ.. වගකීමක් දෙන්න හදනකොට අරයට ද්‍රෝහී වෙන්න බෑ.. මේ වෙලාවේ නං ගන්න බෑ.. පස්සේ බලන්නං… ක්‍රමවේදෙන් පිට පනින්න බෑ කියලා ලිස්සල අරින අය කොහොමත් වැඩක් නෑ…

  4. Sam says:

    Rajapaksha family sold the country to China during 9 years of governing. Took heavy loans for development at higher interest rats 9-11%. No income from Maththala Air port and Hambanthota Port.
    Part of the loan is taken by the Rajapaksa family members.

    Now SL struggling to pay the loan repayments to china for last couple of years.
    China is demanding to take Trincomalee harbor if fail to pay the repayments by Feb 14/2019.

    • ST says:

      Please submit your accusations to proper authority and also make your proof of these allegations public. Thanks

  5. Buddhist says:

    Its sad to see that those who were kicked out of the Parliament by the voters and these guys who came through the pinata seat such as SB, Dilan and Bookie King Sumathipala are today deciding how “konda pana nathi” Maithree and the Govt should act.

Main News