මෛත්‍රී-රනිල් නිවෙස්වලට රහස් පොලිසියෙන් යයි..
June 20, 2020 at 2:10 pm | lanka C news
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉදිරි සතියේ දී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.
පසුගිය රජය සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කරන්නේ නීතිපතිවරයා විසින් සිදුකර ඇති නියෝගයක් අනුවයි.
පෙර දැනුම් දීමකින් පසු ඔවුන්ගේ නිවෙස් වල දී එම ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ආසන්න දිනවල දී හිටපු මුදල් අමාත්‍යංශ උපදේශක ආර්. පාස්කරලිංගම් හා මහ බැංකුවේ හිටපු සාමාන්‍යධිකාරි වසන්ත කුමාරයන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.