මෛත‍්‍රී-රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලිව තිවෙනවා.. ඔවුනගේ අයිතිවාසිකම් අහෝසි කල හැකියි..- ජනපති..

November 24, 2021 at 10:22 pm | lanka C news
මෛත‍්‍රී-රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලිව තිවෙනවා.. ඔවුනගේ අයිතිවාසිකම් අහෝසි කල හැකියි..- ජනපති..

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබේ. එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර ඇත. පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළිකළ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය (2/3) ආණ්ඩුව සතුය. එම නිසා ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වන ලෙසත් ජනතාව නොරවටන ලෙසත් ජනාධිපතිතුමා විපක්ෂයට කියා සිටි.

අග්නිදිග ආසියාව සතු විශ්වීය ඉදිකිරීම් තාක්ෂණයේ දකුණු ආසියාවේ සම්ප්‍රාප්තිය හෙවත් “අධිවේගී අහස් වියමන” ලෙස සැලකෙන “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) අද (24) පස්වරුවේ ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමරු ඵලකය නිරාවරණය කර නව කැලණි පාලම විවෘත කිරීමෙන් අනතුරුව පාලම දෙපස ආලෝකමත් කරන නවීන තාක්ෂණික විදුලි පද්ධතිය ද ක්‍රියාත්මක කළහ.

කොළඹ නගරයට ඇතුළුවන හා පිටවන වාහන හේතුවෙන් කැලණි පාලම ආශ්‍රිතව ඇති වූ අධික රථවාහන තදබදයට පිළියම් වශයෙන් නව ගුවන් පාලම ඉදිකරනු ලැබීය.

ශ්‍රී ලංකා රජයේත්, ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේත්, දායකත්වයෙන් 2012 වර්ෂයේදී මූලික සැලසුම් සකස් කර 2013 වසරේදී සිදුකරන ලද ශක්‍යතා අධ්‍යනයකින් පසු 2014 වසරේදී පාලම ඉදිකිරීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ද එම වසරේදීම සිදු කෙරිණ.

ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට නිවාස, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙනුවෙන් වෙනත් ස්ථාන ලබාදීමෙන් අනතුරුව 2017 වසරේදී ඉදිකිරීම් ආරම්භ විය. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 55,000ක් වැය වී ඇති අතර ඊට ගත වූ කාලය වසර හතරකි.

කොළඹ, කටුනායක අධිවේගී පිවිසුමේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරු 6කින් සහ එතැන් සිට ඔරුගොඩවත්ත හා ඉඟුරුකඩේ මංසන්ධිය දක්වා මංතීරු 4කින් නව ගුවන් පාලම සමන්විතය. මෙමගින් ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා සහ ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මතින් ඉදිවන අධිවේගී මාර්ගයන්ට ප්‍රවේශ පහසුකම් සැපයේ.

කැලණි ගඟේ ජල බැස්මට කිසිඳු අවහිරතාවක් සිදු නොවන අයුරින් පාලම ඉදිකර තිබීම සහ පරිසර සුන්දරත්වය සුරැකෙන පරිදි කොබොනීල, ඇසළ, මැයි මාර, මී, කුඹුක් ඇතුළු ශාක ප්‍රභේද රාශියක් ප්‍රධාන මාර්ගය දෙපස රෝපණය කර තිබීම සුවිශේෂත්වයකි.

2005 – 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමය තුළ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් රටේ සිදු කෙරිණ. ඉතිරි සියලු ගැටලු සඳහා ද තිරසර විසඳුම් ලබාදෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හමුවේ වුව ද යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබේ. ඒ සියල්ල අඛණ්ඩව සිදුකරන බව පෙන්වා දෙන රාජපක්ෂ මැතිතුමා ඉදිරියේදී රට වැසීමට සිදුනොවුණහොත් පොරොන්දු වූ සියලු ව්‍යාපෘති අවසන් කරන බව පැවසීය.

බුද්ධිමත් ජනතාව අවධියෙන් සිටින්න. බොරුවට ඉඩ තියන්න එපා. කොවිඩ් අභියෝගය හමුවේ ආණ්ඩුව සිදුකරන සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට විපක්ෂයට ඉඩ නොතබන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියේය.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කින්නියා පාලම ඉදිකිරීමට සියලු සැලසුම් සකස් කර තිබිණ. එහෙත් පසුගිය ආණ්ඩුව එය නොසලකා හැරීමෙන් සිදු වූ ඛේදවාචකය පිළිබඳ කණගාටු වන බවත් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවා නම් වටිනා ජීවිත ආරක්ෂා කරගැනීමට හැකිව තිබූ බවත් මහාමාර්ග අමාත්‍යවරයා පැවසීය.

“කල්‍යාණි රන් පිවිසුම” ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ තවත් සංකේතයක්. ඉදිරියටත් ජපාන සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බව ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි මහතා සඳහන් කළේය.

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ, තානාපතිවරු, විදේශ නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ රජයේ නිලධාරීහු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

103,254 views

40 Comments to “මෛත‍්‍රී-රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලිව තිවෙනවා.. ඔවුනගේ අයිතිවාසිකම් අහෝසි කල හැකියි..- ජනපති..”

  1. අපේ රට says:

    රටම ඉල්ලනෙ මෙයයි. තවත් අනුමැති නොයිල්ලා තින්දුගන්න.එහෙම උනොත් පසුගිය වසර දෙකම ගොඩ.

  2. සමනා says:

    ඕං ඔය දැගලිල්ල නතරකරනා, කියන්නා වගේ්‍….

  3. saman says:

    ඒකවත් කරන්න නැත්නම් මුකුත්ම කරපු නැති ජනාදිපති කියලා කියයි.

    • JUDE says:

      මෛත‍්‍රී-රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලිව තිවෙනවා නම් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන දඩුවම් නොකරන්නේ මන්ද ?
      බටලන්දේ රනිල්ට දඩුවම් නොලැබුණා වගේම මහා බැංකු මගඩියට ,පාස්කු ප්‍රහාරයට ඔහුට දඩුවම් නොදෙන්නේ මන්ද ?රනිල්ට කඩේ ගිය රන්ජන්ට නම් සිර දඩුවම් ..ලොක්කෝ නිදැල්ලේ සොක්කෝ සිරගෙදර එක රටක එක නීතියක් තිබියයුතුයි නේද ?පුද්ගලයින්ගේ තරාතිරම් අනුව ඒවා වෙනස් වෙනවද ?

  4. MD says:

    ඔන්න සජිත් අනුර කල්ලි වලට හොඳ අවස්ථාවක් උදාවේලා.පෙන්නන්න දැන් ඔයාලගේ පාස්කු අදෝනාව

    • MD says:

      රාජපක්ෂලා විසින් රනිල්ට සහ සිරිසේනට දඬුවම් කරනතුරු බලාසිටි අමු ගොම් බයියන්ට අපගේ ශෝකය.

    • cobra says:

      පාස්කු ප්‍රහාරය සිදුවුයේ JVP සිටියේ යහපාලන ආණ්ඩුවේ නේද ? ඒ අවස්ථාවේ පාස්කු ප්‍රහාරයට විරුද්ධව කටයුතු නොකළේ මන්ද ?

  5. Dharmaprema says:

    No need to threaten. You say you will not interfere with the judiciary. Please keep your word. Let the law take its course. Ensure that they are duly prosecuted and punished.

    If these two, Ranil and Sirisena, the most wicked politician pair we’ve ever had, come back to power, they will deprive you and your family, not only of your civil rights, but probably your life.

  6. hariyata hari ema dennage civics rights nethi karamu. hedging wanchawa, malwane wanchawa. silredi wanchawa kala ewungeda civics rights nethi karamu puluwan nam sohon koth wanchakarayageda nithi karamu rata diyunu wenawa sure

  7. Dinesh says:

    ඉතිං අපි කියන්නෙත් නිසි කුමන්ත්‍රණය කරපු උන්ගෙ පවුල් පිටින්ම හැදිගෑවිලා යන්න නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි. අය්යො…. අය්යෝ අවුරුදු දෙකක් තැටමුවෙ ඇයි

  8. 0.00069 BIYYO says:

    පාස්කු ප්‍රහාරය කළ නියම කණ්ඩායම සොයා දඩුවම් කිරිමට හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

    • MD says:

      ඵතකොට ජෙප්පෝ හන්දියක පාරක ගේ ඇතුලෙම මරලා ඵල්ලලා දාපු මිනිස් ඝාතන වලට දඬුවම් දෙන්න ඕන අපි නේද?

      • JUDE says:

        86/ 87 කාලයෙන් දහස් ගණනක් තරුණ තරුණියන් මැරීම ගැන කිසිවකු දුක් නොවන්නේ
        මන්ද ? ඒ අපේ රටේම පුරවැසියෝ නේද ? බටලන්දේ වාදකයාට එයට දඩුවම් නොදුන්නේ
        කුමක් නිසාද ? ? එවැනි පුද්ගලයෙක් රටේ පාලකයා කිරීමට ජන්දේ දුන් මිනිස්සු ඇති රටක දේශපාලන ගැන කතා කිරීමත් විහිළුවකි

  9. kawinda says:

    How can he says he got 2/3 majority while Sirisena and his party also within it? I listen today speech of Sirisena. He gave a clear message that 2/3 of government in their hand. Will Sirisena vote this act and get himself suicide?

  10. calista says:

    මුන්ගේ සංවර්ධනේ ගොවිය මහ පාරේ ගුරුවරයා
    මහ පාරේ ලඟදීම රජයේ සේවකයෝ පාරට එනු ඇත සංවර්ධනට පෙර ජනතාව ජීවත් විය යුතුය
    මුන් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ රටතුල විශාල අර්බූද රැසකි ජන ජීවිත %60 ක් ම අඩාල වී ඇත එක වේලකට ජනතාව ඇද දමා ඇත එක 🐃🐗🐕කියනවා එකවේලක් කාපු වාම ඇතිලු තුප්පහි දේශපාලුවෝ හරහට කෙට්ටු වෙති තොපිට කතිරය දුන් වහල්ලු පිට කොන්දට බඩ ඇලි ඇත

Leave a Comment

Main News