මෛත්‍රී-රනිල් ලක්ෂ 62 ජනවරමට පිටුපෑ අවිනීතම නායකයන් දෙදෙනෙක්..- සරත් විජේසූරිය
July 24, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයගේ ක්‍රියාකලාපය නිසා 62 ලක්ෂයක ජනතාවක් කැපවීමෙන් බලාපොරොත්තු වූ දෙය ඉටු නොවන තැනට පත්ව ඇතැයි සාධාරණ සමාජයක් සදහා වන ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
අද ඇත්තේ ජනවාරි 08 ජනවරමට පිටුපෑ නායකයන් දෙදෙනෙකුගේ ක්‍රියාකලාපයේ ඉතාම අවිනීත ලක්ෂණ යයිද ඔහු කියා සිටී.
අද වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු බලයට පත් කල සියළු සිවිල් සංවිධාන තරහ කරගෙන සිටින බවත් ඔවුන් මගහරිමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි.
ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ අද ලක්බිම පුවත්පත සමග අදහස් පල කරමිනි.