මෛත්‍රී වගේ හොරෙක් වංචාකාරයෙක් ජීවිතේට දැකලා නෑ.. මෛත්‍රීගේ වංචා දුෂණ තොගයක් ප්‍රසන්න හෙලි කරයි..
July 6, 2020 at 11:20 am | lanka C news
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වංචා හා දූෂණ ලගදීම රටට හෙළිකරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රී- රනිල්- සජිත් යනු එකම අච්චුවේ බඩු තුනක් බවයි.
යහපාලන ආණ්ඩුව කටයුතු කලේ බටහිර න්‍යාය පත්‍රයට අනුව බවත් ඒ නිසා රටත් ජනතාවත් පාවා දී ආණ්ඩුව රැක ගැනීමට ඔවුන් කටයුතු කල බවත් පැවසූ ඇමතිවරයා ජනාධිපතිවරයාගේ ගමන් මග ශක්තිමත් කිරීමට නම් මෙවර මහමැතිවරණයේ දී මහින්ද හැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු යැයි පෙන්වා දුන්නේය.
කොටුගොඩ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.
” 2015 මම මහින්ද මහත්තයත් එක්ක එළියට බහින්න ගත්ත තීන්දුව ගත්තේ අභියෝග ගොඩක් මැද්දේ. මම මහින්ද මහත්තයා නැවත දේශපාලනයට ගේන්න හදනකොට මට විරුද්ධ බොරු නඩු පැටලෙව්වා යහපාලන ආණ්ඩුව. එදා මම ගත්ත දේශපාලන තීන්දුව නිසා මගේ නෝනගෙන්, දරුවන්ගෙන් පවා පලිගත්තා. යහපාලන ආණ්ඩුව පසුගිය කාලයේ රට කලේ බොරුවෙන්. යහපාලන ආණ්ඩුව වැඩ කලේ ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් නෙමේ. ඔවුන් මහින්දට ගෑවුනු ගෑවුන අයගෙන් පලිගත්තා. ඔවුන්ට ඕන වූනේ බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න හැදුවේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට එකට ජීවත් වෙන්න පුළුවන් නෛතික බලයක් දෙන්න නෙමේ. රට ෆෙඩරල් කරලා රට බෙදලා බටහිරට ඕන දේ කරන්න.
මෛත්‍රීව සත පහකට විශ්වාස කරන්න හොඳ නෑ. මෛත්‍රී කරපුවා කියන්න පුළුවන් ලොරි ගාණක්. ඒ වගේ හොරෙක් වංචාකාරයෙක් මගේ ජීවිතේට දැකලා නැහැ. මෛත්‍රී කරපු දූෂණ ළගදීම රටට හෙළි කරනවා. මෛත්‍රී කියන්නේ තමන්ගේ පෞද්ගලික උවමනාව වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන කෙනෙක්. අපි චෝදනා එළි කලාම එදාට ඔහු ගැන තීරණයක් ගැනීම රටේ ජනතාවට භාරයි. මෛත්‍රීට දෙවනි නෑ රනිලුයි සජිතුයි. රනිල් මෛත්‍රීට හොරකම් කරන්න සහය දුන්නා. සජිත්ලා කලෙත් ඒකමයි. මෛත්‍රී – රනිල් – සජිත් කියන්නේ එකම අච්චුවේ බඩු.
විහිළුකාරයන්ට අවුරුදු හතර හමාරක් රට භාර දීලා අපි කලේ මහ පාපයක්. මහින්ද මහත්තයාව පරද්දන්න රිද්දන්න 2015 දී ඡන්දය දුන්නා. හැබැයි රිදුනේ පැරදුනේ අපි. අපේ දුවා දරුවන්ගේ අනාගතය තමයි අවුරුදු හතර හමාරක් නැතිවුනේ. ඒ නිසා මේ අවස්ථාව තමයි අපට ලැබෙන අවසාන අවස්ථාව. රට වෙනුවෙන් ඡන්දය දෙන්න. පොහොට්ටුවට ඡන්දය දෙන්න. තාත්තා කිව්වා බල්ලො මරලා හරි සල්ලි හොයන්න පුළුවන්. හැබැයි මිනිස්සු හම්බකරන්න බැහැ කියන එක. මම දේශපාලනයෙන් සල්ලි හම්බකරල නෑ. මම හම්බ කරල තියන්නේ මිනිස්සු විතරයි. අපි මේ මැතිවරණය දිනනවා. අපි ගම්පහ වැඩි ඡන්ද ලක්ෂ පහකට වඩා වැඩි ඡන්ද ගණනකින් දිනනවා. ඒක ස්ථිරයි. හැබැයි මනාප ගහනකොට පොහොට්ටුව රැකපු, මහින්ද රැකපු අයට ඡන්දය දෙන්න. ”
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරු ද කථා කළහ.
– ප්‍රදීප් අනුර කුමාර
හොඳටම හොඳයි.හිටන් මහත්තයෝ ඔයාට මතක ඇතිනේ මහින්ද කොහොමටවත් අගමැති කරන්නේ නෑ කියලා ඡන්දෙ දවසට කලින් දවසේ ජාතිය අමතා විශේෂ කථාවක් කලා.මොනතරම් පහත් කටයුත්තක්ද ඵදා කලේ.
Sakkli Sririsenaya para ballek
Oya balla rata kaw, okata hena gahanawa
Ahu unoth minissu okage katta HUJJA KARANDA ONA , sakkiliya
ane api nodanna Regi aviva.
සිරාට බනින එක නවත්තලා තමන්ගේ සුදුසුකම් ගැන කතා කරන්න.