මෛත‍්‍රී විපක්‍ෂ නායකකමට..? සජිත්ගෙන් ඇමතුමක්..?

August 18, 2020 at 10:11 pm | lanka C news
මෛත‍්‍රී විපක්‍ෂ නායකකමට..? සජිත්ගෙන් ඇමතුමක්..?

20 වැනිදා කැඳවන නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමගි ජන බලවේගය පාර්ශවයෙන් ආරාධනා කර ඇතැයි සමාජ මාධ්‍යවල පුවත් පල වෙයි.

එක්සත් ජාතික පක්ෂයට හිතවාදී සමාජ මාධ්‍ය ජාලාවල මෙම වාර්තා පලව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර මේ සම්බන්ධයෙන් දුරකථන මාර්ගයෙන් සාකච්ඡා සිදුවී ඇති බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම ප්‍රකාශකයෙකු පැවසුවේ එවන් කිසිදු සාකච්ඡාවක් සිදුවී නැති බවත් පලවන වාර්තා ප‍්‍රතිෙක්‍ඹප කරන බවත්ය.

විපක්ෂයට යාමේ කිසිදු අදහසක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ හිටපු ජනාධිපතිවරයාට නොමැති බවත් ඔහු සදහන් කලේය.

147,162 views

27 Comments to “මෛත‍්‍රී විපක්‍ෂ නායකකමට..? සජිත්ගෙන් ඇමතුමක්..?”

  1. UNP GAL IBBA says:

    පඹයගේ ලෙවකාන් සජී බබා ???????????????

Main News