මෛත‍්‍රී වෙනුවෙන් නිවේදනය නිසා පුද්ගලික ලේකම් අමාරුවේ.. වහාම කොමිසමට කැදවයි..

September 23, 2020 at 12:00 pm | lanka C news
මෛත‍්‍රී වෙනුවෙන් නිවේදනය නිසා පුද්ගලික ලේකම් අමාරුවේ.. වහාම කොමිසමට කැදවයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් වරයාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව අද පස්වරු 02.00ට ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් හෝ පෞද්ගලිකව කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව දන්වා ඇත.

එමෙන්ම අගරදගුරුතුමන් වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ රදගුරුතුමන්ලා තිදෙනාටද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි.

ඊට විරෝධය පළ කරමින් හිටපු ආරක්ෂක වරයාගේ නීතිඥවරයා කියා සිටියේ මෙම නිවේදනය නිසා තම සේවාදායකයා තැති ගැන්මකට හා බියට පත්ව සිටින බවයි.

එම නිවේදනය අධිකරණයට අපහාස කිරීමක් සේ සලකා කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

36,615 views

4 Comments to “මෛත‍්‍රී වෙනුවෙන් නිවේදනය නිසා පුද්ගලික ලේකම් අමාරුවේ.. වහාම කොමිසමට කැදවයි..”

  1. අහිංසක රත්නේ says:

    මේ මනුස්සයා මෛත්‍රීගේ Page එකෙන් AutoVision Live ආපු කෙනා නේද ?

  2. Helaya says:

    Is this Joker a private secretary of M3..?????? Ha ha ha …..No wonder M3 is in this much unpopularity stage..
    This is good for nothing funny joker….Trying to be English man but his pronunciation is horrible and Perthitic..

    This kind of appointments shows how is M3.. Luckily we all escaped from his time… Aiya Aiya…

  3. John the baptice says:

    ආප්ප කාලා පැන්න එකේ විපාක දැන් සැපද?