මෛත‍්‍රී ශ‍්‍රීලනිප නායකත්වයෙන් ඉවත් වේ.. නායකත්වය තරුණයෙකුට..

July 4, 2020 at 10:12 pm | lanka C news
මෛත‍්‍රී ශ‍්‍රීලනිප නායකත්වයෙන් ඉවත් වේ.. නායකත්වය තරුණයෙකුට..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා වැටී ඇතැයි ඇතැමුන් පැවසුවද එවැන්නක් සිදුවී නැතැයිද ඔහු පැවදීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කළුතරදී පැවති ජනහමුවක් අමතමිනි.

ශ‍්‍රීලනිපය යම් පසුබෑමක තිබුණත් පක්‍ෂයට අනාගතයක් ඇති බවත් පක්‍ෂය තරුණ පරපුරට බාර දී තමන් අනුශාසකවරයකු ලෙස සිටින බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සාම්ප්‍රදායික දේශපාලනටෙන් තොර උගත් තරුණ නව අදහස් සහිත දැනුමක් ඇති පිරිසකට භාර දිය යුතු බවද ඔහු එහිදී තවදුරටත් පැවසීය.

341 views
Main News