මෛත‍්‍රී ශ‍්‍රීලනිප නායකත්වයෙන් ඉවතට..? නිලවරණයක් 02 වැනිදා කැදවයි..

August 22, 2020 at 1:20 pm | lanka C news
මෛත‍්‍රී ශ‍්‍රීලනිප නායකත්වයෙන් ඉවතට..? නිලවරණයක් 02 වැනිදා කැදවයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමේ සුදානමක් ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය එළැඹෙන සැප්තැම්බර් 02 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතය.

එහිදී තනතුරු කිහිපයක් සඳහා පත්කිරීම සිදු කිරීමට නිලවරණයක් පැවැත්වීමටද සූදානමක් තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් වී ඇත.

ඔහු ඒ බව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇත.

ඒ සඳහා ද නව පුද්ගලයෙකු පත්කර ගැනීමට නියමිතව තිබේ.

73,384 views

4 Comments to “මෛත‍්‍රී ශ‍්‍රීලනිප නායකත්වයෙන් ඉවතට..? නිලවරණයක් 02 වැනිදා කැදවයි..”

  1. Saradiel says:

    වසරේ හොදම නිවේදනය

  2. රාජන් says:

    තරුණ පෙරමුනේ නායකත්වයට චන්ද්‍රිකා මැතිණියත් සුදුසුයි.. ඇයි අවුල්ද ?

  3. සෙරෙප්පු සුප් says:

    සිංහල සින්දුව කන සෝපානයෙ කොණ්ඩ පීරන උකුස්සෝ,
    උඩින් උඩින් ඇවිදින් දැන් ටෙලිෆෝනෙට කිට්ටු කරන උකුස්සෝ,
    නිල තල නැති වෙන කොට හිටන් ඉන්න බැරි බව දත් කටුස්සෝ ,
    ඉක්මනින්ම පියාඹපන් ඩැහැ ගන්නට මරි මෝඩගෙ මිනිස්සෝ.

  4. p.d goonawardena says:

    සිනහ කැන්දූ …වැඩට බින්දූ…
    බයිල සින්දූ…මුවග රැන්දූ…
    විජය ලන්දූ…පෙමින් බැන්දූ…
    රටම ඇන්දූ…අමර බන්දූ…

Main News