මෛත්‍රී සමග තව දුරටත් වැඩ කරන්න ලෑස්තියි..- සමනල ජීවිතයට ගිය රනිල් දන්වයි..
November 8, 2018 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට තමන් සූදානම් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගින් ඉදිරියේදී වැඩ කිරීමට සූදානම බවත් රනිල් වික්‍රමසිංහ හිටපු අගැමති සදහන් කරයි.
ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව කටයුතු නොකරන බවත් වික්‍රමසිංහ මහතා ‘ද හින්දු’ පුවත් සේවය සමග අදහස් පල කර තිබේ.
බහුතරය ඇත්තේ තමනට බවත් පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවිය යුතු බවත් සදහන් කරන ඔහු පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් පෙනී යන්නේ ඔවුනට බහුකරය නැති නිසා බවද සදහන් කලේය.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්රපාල සිරිසේන මහතා පසුගියදා කොළඹ පැවති ‘ජනමහිමය’ රැළිය අමතමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීම අත්හරින ලද්දේ ඔහු සමනල ජීවිතයකට ගිය නිසා බවයි.
//කෙසේ වෙතත් ජනාධිපති මෛත්රපාල සිරිසේන මහතා පසුගියදා කොළඹ පැවති ‘ජනමහිමය’ රැළිය අමතමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීම අත්හරින ලද්දේ ඔහු සමනල ජීවිතයකට ගිය නිසා බවයි.// A kiyanne ara maranna hadana kathawa pattapal boruwak MY3 ge..
ගහන්න ගහන්න වදින මිනිහයි ..වදින්න වදින්න ගහන මිනිහයි ….දෙන්නම පොන්නයෝ. ලජ්ජා නැතිදෝ…..දැන්වත් හිතන්නකෝ අය්යේ…යන අතක යන්න අනේ…රට පිට රටට පාවා නොදී ඔය මන්දිරයක් නිසා.
මළ කෙළියයි බැරිවෙලාවත් මැතිවරණයක් තිබ්බොත් රට පුරා වදින පෝසටර්වල අලියා වෙනුවට සමනළයා දාල කතිරය ගහලා තියෙයි. ඒ වගේ දැනටමත් අපේ පතයලා හොද හෙද අයිඩියාස් කල්පනාකරලා ඇති. අනේ මන්දා අප්පා මෙව්වා!