මෛත‍්‍රී සමග හැර වෙන කිසිවෙකු සමගින් ශ‍්‍රීලනිපයට අනාගතයක් නෑ.. 2020දීත් නියක ජනපති ඔහුයි..

July 30, 2018 at 6:48 pm | lanka C news
මෛත‍්‍රී සමග හැර වෙන කිසිවෙකු සමගින් ශ‍්‍රීලනිපයට අනාගතයක් නෑ.. 2020දීත් නියක ජනපති ඔහුයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හැර වෙනත් කිසිවෙකු සමගින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වර්තමානයක් හෝ අනාගතයක් නැති බව අද වන විට ශ‍්‍රීලනිප පාක්‍ෂිකයෝ තේරුම් ගෙන සිටිනා බව එම පක්‍ෂ ජාතික සංවිධායක ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ්‍රීලනිපයෙන් අද ඈත්වී සිටින පිරිස්ද 2020 වසර වෙද්දී යළි ළං වී ශ‍්‍රීලනිප යෝජනයා යලි ගොඩනැගෙන බවද ඔහු සදහන් කරයි.

එන ජනාධිපතිවරණයේ ශ‍්‍රීලනිප අපේක්‍ෂකයා වෙන කිසිවෙකු නොව මෛත‍්‍රීපාල සිරිසේන මහතාම බවත් ඔහු ජනාධිපතිවරණය නියකව ජයගන්නා බවත් ඇමතිවරයා වැඩි දුරටත් පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුර රඹැවේදී පැවති ජනහමුවක් අමතමිනි.

104 views

20 Comments to “මෛත‍්‍රී සමග හැර වෙන කිසිවෙකු සමගින් ශ‍්‍රීලනිපයට අනාගතයක් නෑ.. 2020දීත් නියක ජනපති ඔහුයි..”

  1. Gadol says:

    මුට වෙන්නෙත් මේදේම තමා

    එක්තරා තරුණ ගොවියෙක් තමන්ගේ ගෙදර හාන්සි පුටුවේ දිගාවෙලා කල්පනා කරමින් හිටියා.
    එයාගේ ගෙදර ගේට්ටුව දෙපැත්තේ ඇති මුරුංගා ගස් දෙක කරල් වලින් බරවෙලා තියෙනවා මේ තරුණයා දැක්කා. “මෙදා නම් මුරුංගා ගස් දෙකම කරල් වලින් බරවෙලා. මේ පලාතටම වෙන මුරුංගා ගස්වල කරල් නැහැ. මෙදා පාර නම් මුරුංගා විකුණලා මට මුදල් බොහෝමයක් එකතු කරගන්න පුළුවන්. මුරුංගා වලින්
    ලැබෙන සල්ලි වලින් මම එළදෙනුන් හත් අටදෙනෙක් ගන්නවා.

    එතකොට උන් පැටවුන් විසි තිස් ගණනක් බිහි කරාවි. එතකොට එළකිරි විකුණලා මට පවුම් හැට හැත්තෑවක් උපයා ගන්න පුළුවන්. වැඩි කාලයක් යන්නෙම නැතිව තවත් පැටවුන් ලැබෙයි. එතකොට එළදෙනුන් සියගණනක් මං ගාව ඉන්නවා. මාගේ මාසික ආදායමත් සිය ගණනක් වේවි.

    එතකොට බැරියැයි මගේ තත්වයට ගැලපෙන විවාහයක් කරගන්න. ගමේ පළවෙනි ගමරාළගේ දූ මගේ බිරිද වශයෙන් ගැලපේවි. ඈ කැන්දාගෙන එන මගුල් උලෙල බොහෝම ලස්සනට කරන්ට ඕනෑ. නෑදෑයෝ බදින තොරණ ඇරෙන්න මාත් තොරණක් බදින්න ඕනෑ. ඒ තොරන මේ පළාතේ වෙන තැනක හැදුවේ නැති තරම් ලස්සන ලොකු එකක් වේවි.

    මේ මුරුංගා ගස් දෙක නිසා මගේ මගුල් තොරණ බදින්ට ඉඩ නෑ. ඒ නිසා මේ ගස් දෙක කපන්ට ඕනෑ. මේ විදියට මනෝ රාජ්‍යෙයේ සැරි සැරූ තරුණයා පොරවක් ගෙන ගොස් මුරුංගා ගස් දෙක කපා දැම්මා. ඉන් පස්සෙයි සිදුවුණ අලාභය ඔහුට වැටහුනේ. අන්තිමේදී සියලුම යස ඉසුරු බලාපොරොත්තු වුණු මුරුංගා ගස් දෙකත් ඔහුට නැති වුණා.

  2. මේ කියන්නෙ ඇත්තමයි. says:

    දුමින්ද ඔබේ ජාතික සංවිධායක පදවිය පොඩි ළමයෙකුට දෙන්න​.

  3. ෴හෙළයා෴ says:

    ශ්‍රීලනිපයට අතීතයක් තිබුනි.දුමින්ද එය නොදනී.එයට වර්ථමානයක් නැත​.වර්ථමානයක් නැති කල අනාගතයක් උදා වන්නේද නැත​.මෙය අවබෝධ කර ගැන්මට දුමින්ද වැනි නොමේරූ කළලයකට නොහැක්කේය​.

  4. don katugampala says:

    palath palana canden lebune laksha 14,1/2 k den eken thava ithuruvenne kiyada balala sirava gedarama arapan.

  5. Nara says:

    අනාගතයක් නෑ කියලනම් පොඩි එකෙක්වුනත් දන්නවනෙ …ගිය පාර ජන්දෙ නිදහස් පක්ෂෙ ගත්ත ජන්ද ප්‍රතිශතය බැලුවනම් කියන්න පුළුවන් නායකයාගේ හැකියාව

  6. john says:

    Pissu Balla… Mad Dog…………………..Duminda thinks he is brave motivator….but all of sri lanka knows he is empty damaged basket……
    My friend ……Stop talking nonsense….You are damaging your father……

  7. kiyala wedak nehe says:

    “මෛත‍්‍රී සමග හැර වෙන කිසිවෙකු සමගින් ශ‍්‍රීලනිපයට අනාගතයක් නෑ.. 2020දීත් නියක ජනපති ඔහුයි….” මම හිතන්නේ Mr. Duminda උදේට හැමදාම අනිත්පැත්තෙන් තමයි නැගිටින්නේ.. නැත්තම් කත් ඇද්දේ නැතිවුණොත් මූටත් ඉන්දියන් චයිනිස් කුට්ටියක් ලැඛෙන්නේ නැහැ..

  8. vena kaatawat nowey tamunta tamae anagathayak nattey.we know that.

  9. HALAYA says:

    SOOSTHIPATHI>>>>>>>

Main News