මෛත්‍රී සමග 73 දෙනෙක් ඇමරිකා ගිහින්..
October 9, 2016 at 12:00 pm | lanka C news
ඇමරිකාවේ නිවුයෝක්හිදී පැවති එක්සත් ජාතීන්ගේ 71 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග 73 දෙනෙකු ගිය බවත් නොගියේ රජ ගෙදර බල්ලා පමණක් බවත් පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ දින රත්නපුරයේදී පැවති ඒකාබද්ද විපක්ෂයේ ජන රැළිය අමතමිනි.
ජනාධිපති ලංකාවට එන විට අගමැති රට යන බවත් අගමැති එන විට ජනාධිපති යන රට වක බවත් කී ඔහු එසේ ගොස් වැඩිපුරම සහභාගී වන්නේ ව්‍යාපාරික සමුළු පරිසර සමුළු ආදී වෙනත් රටවල රාජ්‍ය නායකයින් සහභාගී නොවන සාමාන්‍ය උත්සව බවද කියා සිටියේය.