මෛත‍්‍රී හා ගෝටාභය නැගෙනහිරදී ඝාතනය කිරීමේ සැලසුමක්.. කුමන්ත‍්‍රණය පොලීසියෙන්.. අතිහිත ****ගෙන්.. සියළු තොරතුරු හෙලි වෙයි..

September 13, 2018 at 10:50 pm | lanka C news
මෛත‍්‍රී හා ගෝටාභය නැගෙනහිරදී ඝාතනය කිරීමේ සැලසුමක්.. කුමන්ත‍්‍රණය පොලීසියෙන්.. අතිහිත ****ගෙන්.. සියළු තොරතුරු හෙලි වෙයි..

මීලග ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නැගෙනහිර පළාතේ දී ඝාතනය කිරීම සඳහා පොලිසිය විසින් කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට දූෂණ විරෝධී බලකාය විසින් කළ හෙළිදරව්ව බරපතල එකක් යයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. මේ හේතුවෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත යුතු බවත් පොලිස්පතිවරයාගේ කටඋත්තර ගතයුතු බවත් ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාර මහතා විසින් දුරකථන සංවාද හඬ පට ද සහිතව ඊයේ දිනයේ මේ සම්බනධනේ මාධ්‍ය වෙත තොරතුරු හෙළිකල අතර මේ සම්බන්ධයෙන් ඔවුන් අද දිනයේ පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

මාකදුරේ මදුෂ් යොදාගෙන මෙම කටයුත්ත කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා තමාට උපදෙස් දුන්නේ යැයි ද ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේය.

133 views
Main News