මොටර් රථයක් ප්‍රපාතයකට පෙරලා රියදුරු සහ තවත් තිදෙනෙක් පලා යයි…

April 5, 2021 at 12:40 pm | lanka C news
මොටර් රථයක් ප්‍රපාතයකට පෙරලා රියදුරු සහ තවත් තිදෙනෙක් පලා යයි…

මොටර් රථයක් හිතමතා ප්‍රපාතයකට පෙරලා මොටර් රථයේ රියදුරා සහ මොටර් රථයේ ගමන් ගත් තවත් තිදෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පැවසිය.

නුවරඑලිය වසන්ත උදානයට පැමිණි හොරණ ප්‍රදේශයේ පිරිසක් (04) දින රාත්‍රි 11 ට පමණ නුවරඑලිය සිට හොරණ දක්වා මොටර් රථය ධාවනය කරවන අවස්තාවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදි බිමත්ව මොටර් රථය ධාවනය කල රියදුරා මොටර් රථය ප්‍රධාන මාර්ගය හරහා නතර කර එම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන වලට බාධා කරමින් සිටි බවත්, මාර්ගය අවහිර විම නිසා එම මාර්ගයේ ගමන් ගත් රියදුරන් සමග මොටර් රථයේ රියදුරා සමග උණුසුම් තත්ත්වයක් ඇති වි පසුව බිමත්ව සිටි රියදුරා මොටර් රථය ප්‍රපාතයට පෙරලා දමා පලා ගිය බවයි සිද්ධිය ඇසින් දුටුවන් කියා සිටියේ.

අනතුරට පත් මොටර් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇත.

අනතුරක් සිදු කර පොලිසියට වාර්තා නොකර පලා ගිය මොටර් රථයේ රියදුරා  අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,441 views

5 Comments to “මොටර් රථයක් ප්‍රපාතයකට පෙරලා රියදුරු සහ තවත් තිදෙනෙක් පලා යයි…”

  1. කැප්පෙටිපොළ says:

    එක්සත් ජාතිනගේ සංවිධානය හා අයින්ස්ටයින්ගෙ සාපේකෂතාවාදය
    බුදු හාමුදුරුවො පැවසුවේ අයින්ස්ටයින් පැවසු දේදනැත එය නිරපේක්ෂ නැතිනම් එකම සත්‍යයයි. එක්සත් ජාත්න් හිතන්නෙ අයින්ස්ටයින් හරි මම වැරදි කියා නමුත් අයිස්ටයින්ගෙ න්‍යාය සත්‍ය වන්නෙ අංශුවක් ඇති විට පමණි. නමුත් අංශුවක් නැති බුදු දහමේ අවබෝධයේදි අයින්ස්ටයින්ගෙ නියමය ගන්නෙ තිරිසන් විද්‍යාවක් විදියට. නමුත් මෙය දන්න එකම සිංහලයා මම නෙවෙයි. 26000 ක් ඉන්නවා නමුත් ඇත්තෙ එක මනුස්‍යත්වයයි. ඒ කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි. බැචෙල් මට පොඩි ලමයෙක් වගේ නමුත් හොද ගති හයක් හා නරක ගති දෙකක් තියෙනවා. ඒ ගැන බැචෙල්ට මාව හම්බුවෙලා අහගන්න පුලුවන් මිට කිරිබත්ගොඩ හිමි.

    • Saman says:

      මොනවද බොල උඹ මේ හැම තැනම මාතෘකාවට කිසිම අදාලත්වයක් නැති විකාර කොට කොටා යන්නේ? උඹේ මොළේ කොලොප්පන්ද? එහෙමත් නැතිනම් ඇට නැතිව ගංජා ගහලද ඉන්නේ? ඉක්මනට ගිහින් හොඳ මනෝ වෛද්‍යවරයෙක්ව හම්බ වෙයන්. බටහිර විද්‍යාවට අකමැති නම් අඩුම ගානේ වෙද මහත්තයෙක් හම්බ වෙලා ඉසකුඩිච්චියක් වත් දාගනින් මෝඩ පිස්සා..

  2. පුට්ටුවට කඩේ ගියපු නාකි අලියා. says:

    පස්සා පැත්තේ පොහොට්ටුව කොටපු එකෙක් වෙන්න ඕන ..දෙකක් නැහැ.

    • Jepi buster says:

      රතු කමිසයක්ලු ඇදල හිටියේ. ඒ උනාට ජන්ගිය කොල පාටයිලු.

  3. david milibanda says:

    First of all…. CONFISCATE….. This vehicle. Send it to the Government Car Pool or to the police gararge.
    Then conduct your investigations. DO NOT RELEASE THIS VEHICLE.

    Funny things are happening in GOTA’S Country after he became president.
    Where is the discipline?? DISGUSTING……………………

Leave a Comment

Main News