මොටාර් උණ්ඩ 17ක් හමු වෙයි…
April 24, 2019 at 8:02 am | lanka C news
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිත කළ මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 17 ක් කිලිනොච්චිය පුලියංපොක්කනෙයි කැළෑ ප්රදේශයක තිබී සොයාගත් බව කිලිනොච්චිය කොට්ඨාශ දූෂණ මර්ධන අංශය කියයි.
පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාන්තා පුහුණු කඳවුරක් පිහිටි ස්ථානයේ තිබී මෙම මෝටාර් උණ්ඩ තොගය සොයාගත් බව පොලිසිය පැවසීය.
කිලිනොච්චිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා වෙත ලැබුණ තොරතුරක් මත කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ඩී.එන්.චතුරංග මහතා නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී මෝටාර් උණ්ඩ තොගය හමුවී තිබේ.
දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් මෝටර් උණ්ඩ සියල්ල දිරාපත්ව තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
සොයාගත් මෝටාර් උණ්ඩ පිළිබඳ කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව නිශ්ක්රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට නියමිතය.
– වන්නි රොමේෂ් මධුෂංඛ