මොඩර්නා එන්නත් ලක්ෂ 15 ක් ලංකාවට එයි..

July 13, 2021 at 7:19 pm | lanka C news
මොඩර්නා එන්නත් ලක්ෂ 15 ක් ලංකාවට එයි..

කොවැක්ස් පදනම යටතේ නොමිලේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් ලබන සිකුරාදා (16) දින ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන එන බව සොෟඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ අනුව මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 න් 750,000 කට පළමු මාත්‍රාව ලෙසත්, මසකට පසු ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දීමට සොෟඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

– විරාජ් අබේසිංහ

26,152 views

2 Comments to “මොඩර්නා එන්නත් ලක්ෂ 15 ක් ලංකාවට එයි..”

  1. රන්වල says:

    බොලාට මතකද මීට ටික දොහකට කලින් උන්නු පැණියො මුට්ටියො කරල් වෙළෙන්දො කෝ දැන් උන්දැල එන්නත්කරණය පටන් ගන්නවත් එක්කම තමුන්ගෙ මාකට් එකට කෙල වෙන බව දැන ගත්ත හිමින් සීරුවේ පල්ලම් බැස්ස.දුක උන් ගැන නෙමේ උන් කොහොමත් ඒ මසෙට දෙකට ගරා ගන්න ඕනි ටික ගන්න ඇති ඒත් අනේ උන්ගෙ උගුල් වලට අහු වෙලා මෙතන හෙළ හෙළ ගගා වැලපුනු හෙළ යක්ක පුත්තු ටික උන් වැක්සින් පෝලිමේ ගිහින් වැක්සින් ගහන් කල මෝඩකම් සිහිකරමින් ඇති .ඒත් ආයි වටයකින් මොකෙක් හරි අන්කූරෙක් ආවොත් උන් අහු නොවී ඉදීද කැට තියල කියතෑකි ආයි අහු වෙනෝ.මීගලෑවට රැවටුනු උන් ඔය යන්නෙ රාවණා ඇල්ලෙ මතු උන රාවණාගෙ බැට්මෑන් පෝට්‍රේට් එක බලන්න කිසි ලැජ්ජාවක් නැතුව.ඕනි දඩයක්කාරයෙකුට අනේ අපට වෙඩි තියපිය කියල ලගට ඇවිත් වෙඩි තියෝ ගන්න මීහරක් ඉන්න බිමක් මේක.

    • වැක්සීන් සමාගම says:

      උඹ වගේ බූරුවො ඉන්න කං , එක Jab එකකට ඩොලර් 15 ගානෙ , අපි ගරා ගන්න ඒවා කවුරුත් කතා කරන එකක් නෑ.

      අපේ වහල්ලු වෙලා දිගටම අපිටම කඩේ පලයං
      එක එක ප්‍රභේදයට එක එක වැක්සීන් අපි එවන්නං, අපිට උබලගේ සබ්බ සකලමනාවම උගස් තියලා සල්ලි එවපං
      එවන අතරෙ , මුට්ටියන්ට , ලංකාවෙ හදන කරල් වලට බැනපං
      වැක්සීන් ගහගෙන , මොකාට ආයෙ හැදුනත් , කී දෙනෙක් මලත්
      විද්යාවනේ එහෙම තමයි ගාගෙන , පෝලිං ගැහිලා අපේ පස්සෙ වරෙන්

Main News