මොණරාගලින් පමණක් ගස් 63,000ක් කපන්න බලපත් දීලා..

March 26, 2021 at 12:02 am | lanka C news
මොණරාගලින් පමණක් ගස් 63,000ක් කපන්න බලපත් දීලා..

පසුගිය 2020 වර්ෂයේ දී පමණක් මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 11 කින් විවිධ වර්ගවලට අයත් ගස් 63,000 කැපීමට අවසර දී ඇතැයි වාර්තා වෙයි.

මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආරංචි මාර්ග පවසන්නේ දැව වශයෙන් විකිණීමටත්, නිවාස අවශ්‍යතා සඳහාත් මෙලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කැපුම් අවසර දී ඇති බවයි.

වැඩියෙන්ම අවසර දී ඇත්තේ දැව කඳන් දිස්ත්‍රික්කයෙන් පිටතට ගෙනයාම සඳහාය.

මීට අමතරව අවසර නොමැතිව කපා ගත හැකි ප්‍රමාණයක් ද කපා ඇතැයි හෙළි වී තිබේ.

හොර රහසේ දැව ජාවාරම්කරුවන් විසින් රජයේ රක්ෂිත ප්‍රදේශවල තිබෙන ගස් කපා ඉරීම සිදුවන බව ද හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ දිස්ත්‍රික්කයේ ඇති ගස් විශාල ප්‍රමාණයක් කපන බව සත්‍යයක් බවයි. නමුත් පැල සිටුවන්නේ ඉතාම අල්ප වශයෙන් බව ද ඔහු පැවසීය.

මේ තත්වය මත දිස්ත්‍රික්කයේ පානීය ජල අර්බුදය තවත් උග්‍ර විය හැකි බවද හෙතෙම කියා සිටියේය.

10,845 views
Main News