මොන්ටිසෝරි පොකුරකුත් පිපේ.. දරුවන් 05ක් රෝහලේ..

April 26, 2021 at 3:50 pm | lanka C news
මොන්ටිසෝරි පොකුරකුත් පිපේ.. දරුවන් 05ක් රෝහලේ..

මැදවච්චිය ප‍්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක් කොරෝනා ආසාදිත ලෙස හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් ඇය ඉගැන්වීම් කටයුතු කළ පෙර පාසලේ සිසුන් 22ක් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයන් නිරෝධායනය සඳහා යොමු කර ඇත.

එම ගුරුවරියගේ සමීප ආශ්‍රිත වූ ඇයගේ මවටද වෛරසය ආසාදනය වී තිබේ.

පෙර පාසලේ සිසුන් පස් දෙනෙකු පමණ කොරෝනා මූලික ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

31,232 views

4 Comments to “මොන්ටිසෝරි පොකුරකුත් පිපේ.. දරුවන් 05ක් රෝහලේ..”

  1. ටින් ටින් says:

    දැන් වත් පාසල් මොන්ටිසෝරි සති දෙක තුනක් වහමුද

  2. මිල්රෝයි වෙන්නප්පුව says:

    ආණ්ඩුව හිතන් ඉන්නේ අවුරුදු 20න් ඉහළ අයට විතරක් කොරෝනා හැදෙනවා කියලා. ඒකනේ විශ්වවිද්‍යාල වහලා ඉස්කෝල පවත්වගෙන යන්න ආණ්ඩුවේ බුද්ධිමතුන් තීරණය කළේ. මැබැයි ඉතින් ඔන්න දැන් මොන්ටිසෝරි දරුවන්ටත් කොරෝනා හැදිලා. වියතක් දිග මාර්ගයක යන බුද්ධිමතුන් හිටියාම මෙහෙම තමයි ශාන්ත.

  3. නාරද says:

    ආර්ථිකය ශක්තිමත් විම‌ට නම් හැම අංශයක්ම සක්‍රිය විය යුතුයි. රටක් හැටියට හිතන විට ලොක් ඩවුන් සධාරණ නොවේ. නමුත් ව්‍යාප්තිය වැඩි වනවාද නැද්ද දැනගන්නේ ගොදුරු වන්නන්ගේ සංඛයාව අනුව නම් වෛරසයට ගොදුරු විය යුතු පිරිසක් සිටිය යුතුයි. එම කොටසට අයත්වීමට කවුද කැමැති. ආර්ථිකයට අවම බලපෑම් වන පරිදි සියල්ලන් රැකගෙන ඉදිරියට යමු. සෞඛය පිලිවෙත් හරියට පිළිපදින එක අයතනයක් නම් කර තෑගි දිනාගන්නා වැඩසටහනක් දියත් කර බලන්න. කියන දේ නොවෙන තැන.

  4. sanidu sooriarachchi says:

    budu saranayi podi patavunta.

Main News