මොන කෙහෙල්මලකටද ජනාධිපති වෙන්නේ… මොන කෙහෙල්මලකටද අගමැති වෙන්නේ.. හොරු අල්ලලා නෑ කියා මාත් කලකිරිලා ඉන්නේ..- අර්ජුන
January 5, 2018 at 3:30 am | lanka C news
මේ ආණ්ඩුව වුණත් වරදක් කළානම් ඊට දඬුවම් දීමට අගමැතිතුමා සහ ජනාධිපතිතුමා සූදානම් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ සේවක හමුවකට එක් වෙමිනි.
“මේ ජාතික ආණ්ඩුව මගේ ජීවිතේ තිබුණු ලොකුම ආසාවක්. අපි හැමදාම පක්ෂ බදා ගෙන මරා ගන්නවා .ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනපු දවසට යූ.එන්.පී කට්ටියට ගහලා මරනවා, තුවාල කරනවා. යූ. ඇන්. පී. දිනපු දවසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට ගහනවා. එය අත්දකින්න ලබපු කෙනෙක් මම.
නමුත් අද අපි ඒ සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. අද අපේ රට අභියෝග මැද අළුත් ගමනක් යමින් තිබෙන්නේ.
තමුන්නාන්සේලාට කියන්න ඕන, මේ අවුරුද්ද අපේ ඉතිහාසේ වැඩියෙන්ම ණය වාරික ගෙවන්න තියෙන අවුරුද්දක්. හැබැයි අපි පුළුවන් තරම් මේ ණය ප්රශ්නය කළමණාකරණය කිරීමට අපි උත්සාහ ගන්නවා. රටේ ජනතාවට ණය බර නොදී මේ ණය ගෙවන්න කටයුතු කරනවා.
පසුගිය අවුරුදු දෙකේදී මේ ණය ප්රශ්නය විසඳීමට අපේ ආණ්ඩුව, කැබිනට් මණ්ඩලය පුදුම කැපවීමකින් කටයුතු කළා. කැබිනට් මණ්ඩලය විතරක් නෙමෙයි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් රටේ දියුණුවට විශාල කැපවීමක් කළා.
මං එක වෙලාකට හිතනවා මොන කෙහෙල්මලකටද මේ ජනාධිපති වෙන්නේ. මොන කෙහෙල්මලකටද මේ අගමැති වෙන්නේ. මං මේ අමාත්‍යාංශයක් අරගෙන මට තියෙන හිසරදය කොච්චරද ?
නමුත් අපේ මේ නායකයින් දෙදෙනා ප්‍රධාන පක්ෂ දෙක එකතු කරගෙන තුන්වැනි ප්‍රධාන පක්ෂයත් එකතු කරගෙන, විශේෂයෙන්ම උතුරේ පක්ෂද දකුණේ පක්ෂද කියන්නේ නැතුව සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියන්නේ නැතුව සියලුම පක්ෂ එකතු කරගෙන අද මේ රට වෙනස් තත්වයකට ගෙනහිල්ල තියනවා. අඩුපාඩු තියනවා.
මමත් සමහර වෙලාවට කලකිරිලා ඉන්නවා හොරු අල්ලලා නෑ කියලා. ඒක මට තියන ලොකුම ප්‍රශ්නයක්. නමුත් අපේ ආණ්ඩුවේ වුණත් වැරැද්දක් කළානම් ඊට දඩුවම් දෙන්න අපේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි අද තීරණ අරගෙන තියනවා….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
මෙම හමුවට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගි වූහ.
– තමීර මංජු
රනිල්ල, සිරිසේනල, මහේන්ද්‍රන්ල කොහොල්ලැ වගේ සාන්ගම් වෙලා බැඳුන්කර මගඩියෙන් මහ බැංකුවට රුපිියල් කෝටි, ප්‍රකෝටි ගනනක් විදල සුදනො වෙලා ඉන්න රනිල්ල, සිරිසේනල, මහේන්ද්‍රන්ල ගැන කැප්ටන් කුල් ට වගේ වගක් නැති පාටය්.
මොන බය්ලද මේ කැප්ටන් කූල් කියවන්නෙ? ‘යහපාලන’ අාණ්ඩුව බලයට අැවිත් දින 100 වැඩ සටහනන යන අතරෙ අගමැතිගෙ සමීපතම ගෝලයෙක් මහ බැංකු අධිපති කොර ගෙන යූඑන්පී හැත්ත බුරුත්තටම ජරාව කවල උන් එක්ක කුමන්ත්‍රණ කොරල මහ බැංකුවෙ මුදල් කෝටි ප්‍රකෝටි ගනනකට විද්ද බවත් අගමැතිය් ජනාධිපතිය් ඒකතු වෙලා අද හොරැ රැල බේර ගෙන බව කැප්ටන් කූල් දන්නෙ නැැද්ද?
Eka pakshayak paradunu ayata gahana eka waraddak nam eya wenas koranna kela uthu wanne paradunu aya dinapu ayatha ekkea ekathu wela pakshayath janathawath pawa dena ekada?
ශ්‍රී ල0කා දින්නම UNP එකට ගහල මරනවා…….
ඔයාගේ තාත්තත් UNP කාරයන්ව ගහල මැරුවද ?
ඔහොම ගියොත් අර්ජුන්ගෙයි අර්ජුනගෙයි වෙනසක් නැති වෙනව.කූල් එකේ ඉන්න වාතාවරණය හදා ගෙන මඤ්ඤං වෙනවට වඩා හොඳ නැද්ද පැත්ත ගියත් ඇත්ත කියන එක.ලෝකෙ ලොකුම කොන්ඩම් කරු?????
මේ දැන් ඇහරලා. ටිකක් මූණ කට හෝද ගෙන ආවොත් නරකද?
Ochchara oluve amarunam bala bala inne damala palako gedara.
ඔය ඉන්න විදියට දෙන දේ කාල කට්ටක් සූප්පල වෙන දේ බලාගෙන ඉන්නකො.අපරාදෙ ඔයා නිකම්ම නිකං වහුටෙක් උනානෙ.