මොරගහකන්ද කළුගග ජලාශයේ යලි කිසිද දකින්න බැරි පින්තූර මෙන්න..

July 20, 2018 at 4:40 pm | lanka C news
මොරගහකන්ද කළුගග ජලාශයේ යලි කිසිද දකින්න බැරි පින්තූර මෙන්න..

කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැළි යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද වාරී ව්‍යාපාතියේ ද අවසන් අධියර මේ වන විට අවසන් අධියරේ පවතියි.
මොරගහකන්ද – කළුගග වාරි ව්‍යාපාතියේ කළුගග ජලාශයේ දියවර රැදවුම් මංගල්‍යය ලබන 23 වන සදුදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකිරිමට නියමිතය.

කුවෙයිට් සංවර්ධන අරමුදල යටතේ රුපියල් මිලියන 4883.03 ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 33.13 ක් හා සෞදි සංවර්ධන අරමුදල මගින් අමෙරිකානු ඩොලර් මිලියන 46 ක් සහ ඔපෙක් ජාත්‍යන්තර අරමුදල මගින් අමෙරිකානු ඩොලර් මිලියන 16 ක් මෙම දැවැන්ත ව්‍යාපාතියට අයෝජනය කර තිබේ.

ඒ අනුව සමස්ත මොරගහකන්ද – කළුගග වාරි ව්‍යාපෘති සදහා ආයෝජනය කෙරෙන මුදල් ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් 1207.5 ක් හෙවත් රුපියල් කෝටි 18100 කී.
මීට අමතරව දේශිය අරමුදල් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 16. 52 ක් ද කළු ග`ග ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවා ඇත.

2016 ජුලි මස 25 ව දින කළු ග`ග ජලාශ වේල්ල ඉදිකිරීම් ආරම්භ වූ අතර වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහත්වරු විසින් වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම සිදුකරන ලදී.

අනුරාධපුර,පොලොන්නරුව,මාතලේ,ත‍්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත‍්‍රික්ක වෙත ඝෘජු ප‍්‍රතිලාභ හිමිවන මේ දැවැන්ත ව්‍යාලාතිය හේතුවෙන් ජතික විදුලි බලපද්ධතියට එක්වන විදුලි බල ධාරිතාව මෙගා වොට් 25 කි. අඹන්ග`ග හරස් කර ඉදිකරන ලද මොරගහකන්ද ජලාශයට ජලය සැපයෙන අතිරේක ව්‍යාපාතියක් ලෙස කළුග`ග ජලාශ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මකය.

ඉතිහාසයේ නකල්ස් ක`දු පංතිය මගින් නිදහසේ ගලා ගිය මහා ජල ක`ද මුහුදට ගලා ගියේ වරෙක ප‍්‍රචන්ඩත්වය ද පතුරවමිනි. සෝමාවති පුදබිම ද ජලයෙන් යටකරමින් බොහෝ පිරිසකට පල ප‍්‍රයෝජනයක් නොදි මහ මුහුදට ගලා ගිය මේ සුවිසල් ජල ක`ද අදවන විට මොරගහකන්ද ජලාශයේ ර`දවා තිබේ.

ඝන මීටර් මිලියන 248 ජල ධාරිතාතාවක් රැුදවිය හැකි කළුග`ග ජලාශය වේලි දෙකකින් සමන්විතය. එහි ගල් පිරවු වේල්ල උසින් මීටර් 66 ක් වන අතර දිගින් මීටර් 568 කි.
සැදැලි වේල්ලේ උස මීටර් 28 කි. එහි දිග මීටර් 719 කි.

මොරගහකන්ද ජලාශයේ සිට කළුග`ග ජලාශය සම්බන්ධ කරවන උමන් සහිත ඇල මාර්ගය ද මෙම ව්‍යාපෘතියේ තවත් විශ්විත නිර්මාණයකි. දිගින් කිලෝමීටර් 7 යි දශම 85 කින් යුතු එහි නිර්මාණය විශ්ම ජනකය.

ඊට අමතරව දිගින් මීටර් 472 කින් යුතු ඇල මාර්ගයක් ද ජල සැපයුම් මාර්ගයේ පවතියි. තත්ත්පරයට ඝන මීටර් 35 වේගයකින් කළුග`ග ජලාශයේ ජලය මොරගහකන්දට ගමන්කරනු ලබයි. මෙම වාරි ව්‍යාපාතියේ සම්පූර්ණ ධාරිතාව අක්කර අඩි 660,000 කි. එනම් පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් 6 ගුණයකින් විශාල මහා ජල ප‍්‍රමාණයකි.

ඉහළ ඇලහැර ඇල ඔස්සේ මහකනදාව තෙක් කිලෝ මීටර් 94 ක දුරකින් යුතු ඇල මාර්ගයක් හරහා මොරගහකන්දේ ජලය රැුගෙන යාම සිදුකිරීමට නියමිතය. මෙම ඇල මාර්ගයට කිලෝ මීටර් 26 ක උමං මාර්ගයක්ද ඉදිකිරීමට නියමිතය.

මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවෙන් ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ දත්තයන්ට අනුව පෝෂණය වන වැවි සංඛ්‍යාව අතිමහත්ය. ඉහළ ඇලහැර ඇල ව්‍යාපෘතිය මගින් වැවි 1200 ක්, වයඹ සංවර්ධණ ව්‍යාපෘතිය මගින් වැව් 303 ක්, මැදිරිගිරිය සංවර්ධණ ප‍්‍රදේශය තුළ වැවි 32 ක්, ලග්ගල සංවර්ධන ප‍්‍රදේශය තුළ වැවි 16 ක් ලෙස නව ජල තටාක ඉදිවීමට නියමිතය.

වාරි ව්‍යාපෘතිය හරහා හෙක්ටයාර් 82000 ක් ස`දහා යල මහ දෙකන්නයේ ජලය සැපයීමට හැකිවීම මෙම ව්‍යාපාතියේ පවතින විශේෂත්වයකි.

මීට අමතරව ජලාශයේ අපේක්ෂිත මිරිදිය නිෂ්පාදන හැකියාව ටොන් 3000 කි. එම අස්වැන්නේ වටිනාකම රුපියල් මිලයන 225 කි.

පාරිසරික වාර්තාවන්ට අනුව ව්‍යාපෘතිය හේතුවෙන් අහිමි වන වන සම්පත නැවත ස්ථාපිත කිරීම සදහා මොරගහකන්ද ජලාධාර ප‍්‍රදේශයන් හි ගං`ගා අල දොල රක්ෂිත වල හෙක්ටයාර් 1365 ක නැවත වන වගා සිදුකර තිබේ.

– ඉන්දික අරුණ කුමාර

1,139 views