මොරගහකන්ද ගැන පච කියු හැමෝගෙම රෙදි ලිහේ.. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ලිපියක්..

July 31, 2018 at 11:20 am | lanka C news
මොරගහකන්ද ගැන පච කියු හැමෝගෙම රෙදි ලිහේ.. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ලිපියක්..

මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

එම සම්පුර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

අධ්‍යක්‍ෂ ජනරාල්තුමා
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව,
ලේකම් කාර්යාල ගොඩනැගිල්ල,
කොළඹ 01.

හිතවත් මහත්මයාණෙනි,

මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම

2018 ජූලි 23 වෙනිදා මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙලේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා මෙන් ම ශ්‍රී ලංකාවේ හිටපු විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා හැටියටද ජනාධිපතිවරයා කී කතාවේ සත්‍ය අසත්‍යතාවය දැනගැනීමට කැමැත්තෙමි. මෙම උළෙලේදී ජනාධිපතිවරයා කියා සිටියේ මේ ව්‍යාපෘතිය වෙනුවෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ඉදිරිපත් නොවූ බවත්, ඒ අනුව පසුගිය රජය දරිද්‍රතාවයෙන් පෙළෙන දිස්ත්‍රික්ක වල ජනතාවට ජලය සැපයීම පැහැර හැරිය බවත්ය.

මා ද 2007 වසරේ සිට එම ආණ්ඩුවේ ඇමතිවරයෙකු විය. ඒ කාලයේදී මේ ව්‍යාපෘතිය ගැන අවස්ථා ගණනාවකදී ම කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ හැටි මට මතකය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉඩම් අත්පත් කරගැනීම, නැවත පදිංචිකරවීම, හා ඉංජිනේරු සැලසුම් සැකසීම වැනි මූලික කටයුතු සඳහා මෙම ව්‍යාපෘතියට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන මෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස් දුන් බවත් මට මතකය. වාරිමාර්ග ව්‍යාපෘති දියුණු කිරීම මහින්ද චින්තන වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයක් විය. විදේශ කටයුතු ඇමතිවරයා හැටියට මේ ව්‍යාපෘතිය ගැන මම ජපානය, චීනය, සෞදි අරාබියාව හා ඉරානය වැනි රටවල  තනාපතිවරුන් මෙන් ම විදේශ කටයුතු ඇමතිවරුන් සමඟ ද සාකච්ඡා කර ඇත.

ජපානය මේ ව්‍යාපෘතිය ගැන සුබවාදී ලෙස ප්‍රතිචාර නොදැක්වුවද, 2007 දී පමණ සෞදි අරාබියාව මෙහි කළුගඟ අදියර සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට එකඟ වූ බව මට මතකය. 2012 දී මෙගා වොට් 30 ක ජල විදුලි ව්‍යාපෘතියක්ද සමඟ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් අවුරුදු 15 ක දිගුකාලීන ණයක් හැටියට ලබාදීමට චීන සංවර්ධන බැංකුව එකඟ විය. පාර්ලිමේන්තුවේ අය වැය විවාද මෙන්ම, මූල්‍ය කළමණාකරන වගකීම් පනතේ විධිවිධාන යටතේ, මුදල් අමාත්‍යංශය හා විදේශීය සම්පත් දෙපාර්තමේන්තුව සපයන වාර්ථා කියවා බලා තිබෙන නිසා, මේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2010 ට බොහෝ කළින් බව මට මතකය. මෙයත් සමඟ ආරම්භ කරන ලද මැණික් ගඟ ව්‍යාපෘතිය 2009 දී සම්පූර්ණ කරන ලදී. කිරම ඔය 2010 දී සම්පූර්ණ විය. උමා ඔය 2009 දී ආරම්භ කරන ලදී. දැදුරු ඔය 2006 දී ආරම්භ වී 2012 සම්පූර්ණ විය. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය 2007 දී ආරම්භ වූ අතර එම ව්‍යාපෘති සමඟ කුඹුක්කන් ඔය, යාන් ඔය, හැඩ ඔය, උතුරු මධ්‍යම ප්‍රධාන ජල මාර්ගය, ගිං හා නිල්වලා වන ව්‍යාපෘතිද ආරම්භ වූ අතර එම වකවානුවේ පල වූ වාර්තා වල මේ ව්‍යාපෘති ගැන නිතරම සඳහන් විය.

මුදල් අමාත්‍යංශයේ 2010 වාර්තාවේ 247 වෙනි පිටුවේ සඳහන් වෙන පරිදි, 2010 දී කළුගඟ ව්‍යාපෘතිය සඳහා සෞදි අරාබියාවෙන් ඩොලර් මිලියන 46 ක් ලැබී තිබුණි. එම ව්‍යාපෘතිය 2014 වන විට සම්පූර්ණ කළ යුතු විය. මුදල් අමාත්‍යංශයේ 2012 වාර්තාවේ 265 වෙනි පිටුවේ සඳහන් වෙන පරිදි, මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා චීන සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපාදන ලබාගෙන තියෙන බව සඳහන් වේ. මේ ව්‍යාපෘතිය වේල්ලක්, ඇල මාර්ගයක්, විදුලි බලාගාරයක් ඇතුලු අංගවලින් සමන්විත විය යුතු විය. ඒ අනුව මේ ව්‍යාපෘතිය 2007 දී ආරම්භ වූ බවත්, ඒ සඳහා විදේශීය ණය ලබා ගැනීමද සිදුවී තිබුණු බව පෙනේ. 2015 ආණ්ඩු පෙරළිය නොවන්නට 2016 වෙන විට මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ඉඩ තිබුණු බව මගේ විශ්වාසයයි.

එම කාල වකවානුව තුළ වාරිමාර්ග ඇමතිවරයා වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා, මේ ව්‍යාපෘති වල ප්‍රගතිය ගැන නිතරම කැබිනට් මණ්ඩලයට වාර්තා කළේය. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය තුළින් උතුරු හා නැගෙනහිර පළාත් වලටද ප්‍රතිලාභ ලැබෙන නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු විය. එම නිසා 2006 සිට මේ වැදගත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිවක් සිදු නොවූ බවට ජනාධිපතිවරයා කළ චෝදනාව අසා මම මවිතයට පත් වුණෙමි. 1980 ගණන් වල එජාප ආණ්ඩුව මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවද මේ ව්‍යාපාතිය අත්හිටුවා තිබුණේය. මහින්ද රාජපක්‍ෂ මහතා 2005 බලයට පත් වූ මොහොතේ සිට මෙවන් ව්‍යාපෘති වලට මුල් තැන දෙමින් කටයුතු කළ නිසා අද මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය යථාර්තයක් වී ඇත.

මේ නිසා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විදේශය සම්පත් දෙපාර්තමේන්තුව කර ඇති ණය ඉල්ලුම් පත්‍ර මෙන්ම අයවැය ප්‍රතිපාදන යනාදියද ඇතුළත් සම්පූර්ණ විස්තර මා හට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. මේ ඉල්ලීම මම කරනු ලබන්නේ තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධානවලට ප්‍රකාරවය.

මීට විශ්වාසී,

ජී.එල්.පීරිස්
සභාපති
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
හිටපු විදේශ කටයුතු අමාත්‍ය 

121 views

22 Comments to “මොරගහකන්ද ගැන පච කියු හැමෝගෙම රෙදි ලිහේ.. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ලිපියක්..”

  1. Sadda says:

    ඉතාමත්ම සුදුසු පියවරක් තමා ඔබ විසින් ගෙන ඇත්තේ. මෝඩයින් රවටන්න හදන හුටමාට හොද පාඩමක් .

    • Badda says:

      හුටං කෙසේවෙතත් මහාචාර්ය නිකමා නං ඇනගෙන වගේ. ඔය කියන විදිහට සෞදියෙන් ලැබුනු සල්ලි වලින් මේ ව්‍යාපෘතිය 2014 වෙනකොට නිමකරන්න තිබිල තියෙන්නෙ. උපුටාගැනීම:”මුදල් අමාත්‍යංශයේ 2010 වාර්තාවේ 247 වෙනි පිටුවේ සඳහන් වෙන පරිදි, 2010 දී කළුගඟ ව්‍යාපෘතිය සඳහා සෞදි අරාබියාවෙන් ඩොලර් මිලියන 46 ක් ලැබී තිබුණි. එම ව්‍යාපෘතිය 2014 වන විට සම්පූර්ණ කළ යුතු විය.”උපුටාගැනීම අවසන්. ඉතින් 2014 පර්සි මහේන්ද්‍ර මේක සම්පූර්ණ කලාද? නෑනෙ. ඇයි ගිවිසුමට අනුව ව්‍යාපෘතිය සම්පූර්ණ නොකලේ? ඉතින් ජනාධිපතිගෙ කතාව හරිනෙ. මේ සඳහා විදේශ සම්පත් අමාත්‍යාංශය මුදල් දීල නෑ. දුන්නෙ චීන ණයක් නම් ඒකෙන් මොකද කලේ?සෞදි සල්ලි කෝ? සුපුරුදු විදිහට සුපිරිසිදු පර්සි මහේන්ද්‍ර ගසාකෑවද?

  2. sam says:

    ඌයි ඕකෙ credit එකවත් මේ අහින්සකයට දෙනවකො..වැලේ වැල් නැතුව ඉන්නේ..

  3. Samayan says:

    චේතියසේන ගොබ්බ වහන්සේ ගිය ගිය තැන හත්පොලේ අසූචි ගා ගන්න එක අරුමයක් නෙවෙයි.
    වැඩේ කියන්නෙ මෙහෙව් අයට රජ පුටුවට එන්න තියා හත්ගව්වක් වත් දුරින් ඉන්න පුළුවං දේශයක් මේ සහශ්‍ර ධාතුවේම තිබේද යන්නයි.

  4. john says:

    GOOD JOB Mr. Pieris……This bloody Yahapalanaya is taking credits for all good things and debit all bad things to previous regime which is hateful…..All of them were partners of previous regime but now acting like new born babies…Reveal the truth as respect to educated people in this country…. Yahapalaya thinks Sri lankans are born idiots……

    • Samayan says:

      Yes true, Majority of Sri Lankans (62,00000/-) are utter idiots like their leader. otherwise would the country be in a total mess like this if their thoughts were genuine?

      • Ladiya says:

        What is the mess? Can you please explain?

        • Samayan says:

          හැබෑවටම නිදාගෙන ඉන්න එකාව ඇහැරවන්න පුළුවන්ලු. ඒත් හොරට නිදාගෙන ඉන්න පාහරයින්ව ඇහැරවන්න බැරිලු.
          අද රටට වෙලා තියෙන දේ තමුසෙට නොතේරුණාට මුළු රටේම මිනිස්සු දන්නව. එහෙව් එකේ තමුසෙ වගේ එකෙකුට තේරුම් කරන්න මගේ කාලය නාස්ති කරන්න බැහැ.

          • Ladiya says:

            කියාගන්න දෙයක් නෑනේද? නිකං කියන්නං වාලෙ කහින්න ගිහිං කිච වෙන්න එපා යකෝ.

  5. Sarath Bulathsinghala says:

    Aappaya kata ariyoth kiyanne boruwak!

  6. Raawanaa says:

    pappa mechchra kal koheda hitiye..? Ninden negitala kiyawanawada..? kawuru heduwath kamak nehe. mewata naya gewanne me rate janathaawa.

  7. Snow White says:

    Good job, Professor! This is the way to do it. Thank you!

  8. Mithun says:

    2018 වසරේ 70 වෙනි නිදහස් සමරු උත්සව මහා සභාව ඇමතූ අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවට නිදහස ලැබී අවුරුදු 30 ක් ගතවීම සැමරීමට ලැබීම ගැන සතුටුවන බව පැවසීය.

  9. THILAK says:

    GOOD WORK NOW PEOPLGE WILL REALIZE HOW YAHAPALANAYA CHEATING PEOPLE INS RILANKA

    • හප්පේ තේරුම් අරන් තියෙනතරම්! පර්සි මහේන්ද්‍ර සුනාමි ආධාර ඉඳලා චීන ණය ආධාර දක්වා හොරාකද්දි ඒටික තේරුම් ගියේ නැද්ද?

      • Rex says:

        Etin dn ohelage anduwane tynne..naduwak dala pariksanayak pawatwannko..

        • ටිකිරි says:

          හොරකම් කලෝ කලෝ ගගා ලතෝනි ගහනව මිසක් මුන්ට හොරු අල්ලන්න තුනටිය පණ නෑ rex. නොකල හොරකං අල්ලන්න බැරි බව උන්ගෙ ලොක්ක දන්නව. මේ ගොන්නු කුලියට පච කෙලිනව.

  10. anura silva says:

    thankyou mahaththayo,me ayurin thamai yahapalanaye redi galawanta oni,boru kiyalama thamai ithuru tikath kaladamanna hadanne,munwa ratenma thuran kala yuthui

Main News