මොරගහකන්ද ජලාශය හදා මං මැජික් පෙන්නුවා..- වේල්ල උඩ සිට ජනපති කියයි..[Video]

December 2, 2017 at 10:16 pm | lanka C news
මොරගහකන්ද ජලාශය හදා මං මැජික් පෙන්නුවා..- වේල්ල උඩ සිට ජනපති කියයි..[Video]

මොරගහකන්ද ජලාශය ඉදිකර තමනටද මැජික් පෙන්වීමට හැකි වූ බවත් ඒ පිලිබදව තමන් සතුටට පත් වන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මොරගහකන්ද ජලාශයේ ඉදිකර ඇති බලාගාරයේ විදුලිල ජනන යන්ත‍්‍ර පරීක්‍ෂා කිරීමට ආරම්භ කිරීමේ අවස්ථාව ජනාධිපතිවරයා අතින් අද දිනයේ සිදු වූ අතර එම අවස්ථාවට සහභාගී වූ ඔහු එසේ කියා සිටියේය.

‘මේ දර්ශණය දකින්නෙ කවදද කියල තමයි මගේ ඔළුවෙ තිබුනේ.

1994දී මං නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලෙ අපි ගියා රන්දෙනිගල, රන්ටැඹේ බලන්න.

ඉන්ජිනියර් කියල තිබුන තව දවස් දෙක්ක යනකොට ස්පිල් කරනවා රන්දෙණිගල වික්ටෝරියා. ඒ හින්දා ඔක්කොම එකට යනවා කියල. මම හුගාක් වෙලා බලාගෙන හිටිය.

ඒ ඉවරවෙලා මාසෙකින් දෙකකින් මැතිවරණය තිබුණ.

මට හොදට මතකයි යූඑන්පී එකේ රැුස්වීමක් තිබුන පොලොන්නරුව ටවුන් එකේ.

ආර්.ඒ.ඞී. සිරිසේන කතාවක් පවත්වනවා. මං එහා පැත්තෙ ගෙදරක ඉදන් ගස්වීම අහනවා.

ඉතින් එදා කියනවා මෙයා නියෝජ්‍ය ඇමති වෙලා මෙයා මැජික් බලන්න ගියා. ගාමිණි දිසානායකලා අපි එකතුවෙලා කරපු මහවැලිය වික්ටෝරියා, රන්දෙණිගල මෙයා බලාගෙන හිටියා. එයාට ඒක මැජික් එකක්.

ඉතිං මං සතුටු වෙන්නෙ ඒ මැජික් එක මටත් පෙන්වන්න පුළුවන් වුණා’ යයි ජනාධිපතිවරයා මොරගහකන්ද ජලාශයේ වේල්ල මතදී කියා සිටියේය.

2007 වසරේදී ආරම්භ කරන ලද මොරගහකන්ද ජලාශයේ වැඩ කටයුතු මේ වන විට 90%ක් පඹණ අවසන් වී ඇත.

216 views

28 Comments to “මොරගහකන්ද ජලාශය හදා මං මැජික් පෙන්නුවා..- වේල්ල උඩ සිට ජනපති කියයි..[Video]”

  1. කොස්තා says:

    මහින්ද ළඟදීම magic පෙන්නනවා

  2. Pina says:

    අපේ ලොක්ක මට තැනක් දුන්නනේ. ඉතින් මමත් ලොක්ක රැකගන්න එපායෙ. අප්පච්චි ගෙන් දැන් වැඩක් නැත. ඔක්කොම කලේ අපේ ලොක්ක.

  3. vishnu says:

    මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා
    නෙද්දකින් විතරක්

  4. අප්පුහාමිගෙ මුණුපුරා says:

    ඕයි තමුසෙගෙ මොන මැජික් ද. පරාක්‍රමබාහු රජතුමා ඇළහැරින් ඇල හරවල අන්ගම්මැඩිල්ල හරහා පරාක්‍රම සමුද්‍රයට වතුර ගෙනිච්ච එකයි මජික් එක

    මෝඩ චූන් ගන්න එපා ඕයි. තමුසෙ බලයට පත්වෙලා ඔය වගේ ව්‍යාප්ෘති මොනවද කළේ. එකක් කියනවා බලන්න

  5. බ්‍රයන් බේකන් says:

    මම අරක කෙරුව මේක කෙරුව කියල බොරු “කය්වාරු ගැසීම” කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට…

Main News